ඉන්දික ශ්‍රී අරවින්ද
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොකරන ප්‍රදේශයන්හි සුරාසැල් වසා දැමීමට සුරාසැල් හිමියන් අවසර ඉල්ලා ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා Colombo Gazette වෙත පැවසුවේ covid – 19 වෛරසය ව්‍යාප්තිය නිසා බොහෝ ප්‍රදේශවල මත්පැන් අලවිය ඉතා සීග්‍ර ලෙස පහත වැටි ඇති බවයි.
හේතුවක් නොමැතිව සුරාසැල් වසා දැමීම තුළින් නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන්ට වක්‍රාකාරයෙන් සහය දැක්වීමක් ලෙස පෙන්වා දෙන ඔහු ප්‍රකශ කලේ මෙම ක්‍රියාවලිය පිටුපස සංවිධානාත්මක නීති විරෝධී මත්පැන් ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට සැක මතුවෙන බවයි.
එහෙත් සුරාබදු පනතට අනුව සුරාසැල් වසා දැමීම තහනම් වන අතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශයන්හි සුරාසැල් වසා දැමීම අදාල සිමාවන් යටතේ සිදු කිරීමට අවසර ලබා දී තිබේ.
රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් කල ප්‍රකාශයක් පසුගිය දා මාධ්‍ය වාර්තා කර තිබුණේ දිවයින පුරා ඇති සියලුම සුරාසැල් වසා දමන ලෙසටයි.
එහෙත් එසේ සුරාසැල් වසා දැමීමට කිසිම හේතුවක් නොමැති බවත් ඔවුන් විසින් සිදු කරන මෙවැනි ප්‍රකාශ පදනම් විරහිත බවයි.
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශයන්හි අතවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට සුපිරි වෙළඳ සැල් වගේම අනෙකුත් වෙළද සැල් විවෘත කිරීමට රජය විසින් අවසර ලබා දී තිබුනත් සුරාසැල් විවෘත කිරීම තහනම් බව නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.