ඉන්දික ශ්‍රී අරවින්ද
දැනට මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ඉල්ලා අත්සන් කරන ලද පෙත්සමකින් සිය අත්සන ඉල්ලා අස්කර ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පවසයි.
මේ හේතුව නිසා සමාජ මාධ්‍ය ඔස්සේ තමාට පහරදීම සම්බන්ධයෙන් සිය අත්සන ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බව අද(29) පැවති මාධ්‍ය හමුවකදී මනෝ ගනේෂන් මහතා පැවසීය.
තමා එම පෙත්සමට අත්සන් කළේ යහපත් චේතනාවෙන් බවත්, ඔහුට එරෙහිව චෝදනා කිහිපයක් ඉදිරිපත් කිරීමෙන් පසු අත්සන ඉල්ලා අස්කර ගැනීමට තීරණය කළ බවත් ඔහු තරයේ කියා සිටියේය.
හිටපු දේශපාලඥයකු වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය කිරීම සම්බන්ධයෙන් දුමින්ද සිල්වාමහතාට 2016 සැප්තැම්බර් 8 වන දින මරණ දණ්ඩනය නියම විය.
දුමින්ද සිල්වා මහතාට සමාව ලබා දෙන ලෙස ඉල්ලා රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු විසින් පෙත්සමක් අත්සන් කර ඇති අතර එමගින් මන්ත්‍රීවරයා නිදහස් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කිරීමට නියමිතය.
තමා ලේඛනයට අත්සන් තැබීමට ඇති එකම හේතුව එය දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ අවස්ථාවක් ලෙස යොදා ගැනීම බව ගනේෂන් තරයේ කියා සිටියේය.
සිල්වාට සමාව ලැබුණහොත් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සඳහා වඩාත් ශක්තිමත් තල්ලුවක් වෙනු ඇතැයි තමා විස්වාශ කල බව මනෝ ගනේෂන් මහතා වැඩිදුරටත් පැවසීය. (Colombo Gazette)