බදුර්දීන් ඉදිරි දින 2 තුළ අධිකරණයට භාරවෙයි

ඉන්දික ශ්‍රී අරවින්ද

දැනට සැඟවී සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුර්දීන් මහතාව තමන්ටද සම්බන්ධ කර ගැනීමට නොහැකි තත්වයක් ඇති බවත් එහෙත් රිෂාර්ඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා ඉදිරි දින දෙක තුළ අධිකරණය හමුවේ පෙනී සිටින බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහ ලේකම් එස්.සුබයිර් මහතා පැවසිය.

බදුර්දීන් අත්අඩංගුවට ගැනීම පිටුපස දේශපාලනය මෙන්ම ජාතිවාදයත් ක්‍රියාත්මක වන බව සුබයිර් මහතා පවසයි.
එහෙත් මෙයට සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කිසිම සම්බන්ධයක් නොමැති බවත් ඒ වෙනුවෙන් ගෙවිය යුතු සියලු මුදල් බදුර්දීන් මන්ත්‍රීවරයා ගෙවා තිබියදී අත්අඩංගුවට ගැනීමට සුදානම් වීම හෙළා දකින බව ඔහු පවසයි.
ජනධිපතිවරයා නිවැරදිව රට ගෙනියන බවත් ඔහුගේ පාලනය කාලය තුළ කිසිදු ජාතිවාදී සිදුවීමක් වාර්තා නොවූ බවත් ඒ.සුබයිර් මහතා අවධාරණය කරයි.

ඒ නිසා ආණ්ඩුවට සහයෝගය ලබාදීමට සුදානම් වුවත් ඉදිරියේදී ආණ්ඩුවට සහයෝග ලබා දීම සම්බන්ධව යලිත් වරක් සිතා බැලිය යුතු බවයි සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මහ ලේකම් එස්.සුබයිර් මහතා වැඩිදුරටත් ප්‍රකශ කලේ.
2019 ජනාධිපතිවරණ පැවති දිනයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 221ක් යොදා ගනිමින් පුත්තලමේ අවතැන්වූවන් ඡන්දය ප්‍රකාශය කිරීමට මන්නාරමට රැගෙනයාම මගින් රුපියල් ලක්ෂ 95කට අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතේ ගැනෙන වැරදි ද සිදුකර ඇති බවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට චෝදනා එල්ල වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.