ශ්රී ලංකාවේ මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව ඊයේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර දී පැවැති යුරෝපා ලැම්බොගිනි සුපර් ට්රොෆියෝ තරග මාලාවේ දෙවැනි තරගයේ දී දෙවන ස්ථානයට පත් විය
මෙතෙක් තමන්ට කිසිදු අනුග්රහයක් නොමැතිව තරඟ වලට සහභාගී වූ නමුත් මෙවර රජය විසින් ලබාදුන් සහයෝගයට ඉමහත් ස්තුතිය පල කරන බව ඔහු ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර සිට සිය සමාජ ජාලය වෙත සටහනක් එක් කර සඳහන් කරයි.