මිනිසුන් හිනස්සා ලේ පිරිසිදු කරන්නැතී. ස්වර්ගෙට යන්න ඔබහට ඒ පිනම ඇතී

“මිනිසුන් හිනස්සා ලේ පිරිසිදු කරන්නැතී. ස්වර්ගෙට යන්න ඔබහට ඒ පිනම ඇතී”
ටෙනිසන් කුරේ කලාකරුවා ජීවන රඟ මඩලින් සමුගනී

ටෙනිසන් කුරේ කලාකරුවා සිය ජිවන රඟ මඩලින් අද (28) සමු ගත්තේය. මෙරට සිනමාවේ ප්‍රවීණ චරිතයක් වුන විකට රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතා ඇති වූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් පසුගිය දා රෝහල් ගත කර තිබිණි. ටෙනිසන් කුරේ කලාකරුවාණන් සිය ජීවන රඟ මඩලින් බැස ගියේ ලාංකික රසික රසිකාවියන් නොසිතූ මොහොතකය.කුඩා තරුණ මහලු වයස් බේදයකින් තොරව ඔහුට ආදරය කළ ලාංකික ජනතාව ඔහුගේ වියෝව අසා දුක්වන මොහොතකි මේ.

මිය යන විට ප්‍රවීන රංගන ශිල්පී ටෙනිසන් 68 වන වියේ පසු විය. ටෙනිසන් කුරේ යනු ශ්‍රී ලංකාවේ විකට නළුවෙකු,වේදිකා නාට්‍ය නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ද වේ.

පෙරළිකාරයෝ සිනමා පටයෙන් සිනමාවට ඔහු මුල් පියවර තැබූයේ නළුවෙකුට වඩා කතා රචකයෙකු ලෙසටය. ඔහු විසින් පෙරළිකාරයෝ , දෙමෝදර පාළම , කොළොම්පූර් වැනි වර්තාගත සිනමා කතාවන්ද රචනා කර තිබේ. ජනතා ආදරය දිනා ගත් ටෙනිසන් කුරේ කලාකරුවාණන් ද මෙරට සම්මාන සඳහා නිර්දේශ කරන විනිසුරුවන්ගේ කතුරට හසුවූ කලාකරුවෙකි.

ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය තැන්ක් යූ බර්ටි, තිරගත වූයේ 2011 නොවැම්බර් 25 දිනයි. ටෙනිසන් කුරේ ආදරණිය කලාකරුවාණන් සිය ජීවිතය පිළිබඳ අපූරු ආවර්ජනයක් 2020 සැප්තැම්බර් 01 වන දා කරනු ලැබීය.

සිය ජීවන රඟ මඩලින් බැස යන විට ඔහුට හිමිවී තිබුණේ එකම සම්මානයක් පමණි. එය දෝත දරන්නට පෙර ඔහු කී මේ කතාව හාස්‍යට කරුණක් නොවේ. මෙරට කලාකරුවන්ට අත්වන ඉරණමේ පැතිකඩකි.

අශ්වරු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.