අශන්ති වරුනසුරිය
මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මැතිවරණ උණුසුම දකින අයුරු අපිත් සමහ බෙදා ගත්තේ මෙහෙම..
දවසින් දවස මැතිවරණය උණුසුම් වෙනවා නේද ?
ඔව් ඒ අපේ ජයග්රහණය විජයග්රහණයක් වෙමින් තියෙන නිසා. අපි දිනනවා ඒ ගැන කිසි සැකයක් තියා ගන්න එපා.
කවුරුත් පරාද වෙනවා කියන්නේ නැහැනේ ?
බලන්නකෝ සජිත් ගේ රැළි , මහනුවර , යටිනුවර නාවලපිටිය , කිරිබත්ගොඩ කඩවත මට කියාගෙන යන්න පුළුවන් නම් . මේවා වල සෙනග හිටියද කියලා
ශ්රීලනිපයේ සාමාජිකයන්ට වේදිකාවට නගින්න බැහැ හූ තියන්නේ ඇයි ?
ඕක ආසන වල තියෙන මනාප පොරයක්. ශ්රීලනිපය ශක්තිමත්ව මැතිවරණ වියාපාරයේ ඉන්නවා.
අයියට මුවා වෙලා මල්ලි ඉන්නවා කියලා චෝදනාවක් තියෙනවා ?
ඕනෑම කෙනෙක්ට ඕවා කියන්න පුළුවන්. අපේ ජනාධිපති අපේක්ෂකයා ගෝඨාභය මහත්තයා. අගමැති අපේක්ෂකයා මහින්ද මහත්තයා. මැතිවරණ රැළි බලන්න ඕන තරම් මහින්ද මහත්තයා නැතුව ගෝඨාභය මහත්තයා ඉන්න ඒවා තියෙනවා.
දැන් ගෝඨාභය ආවම බයෙන් ඉන්න වෙන්නේ කියලා කියනවනේ. සුදුවෑන් බිහිවෙයි කියනවා. මේවා ඇත්ත වෙයිද ?
ඔය සේරම රජය නියත පරාජය දැකලා මවන බිල්ලෝ. 2015 මවපු කතා තමයි තාම කියන්නේ.වෙන කියන්න දේවලුත් නැහැනේඑක එක පැටන් හදලා කියනවා. කියන්න කොහෙද සුදු වෑන් වාර්තා වූ සිදුවීම්? අපි පාර්ලිමේන්තුවේදී ඕක ඇහුවම මේ ආණ්ඩුවේ මහත්තුරුම කියනවා එහෙම කිසි පැමිණිල්ලක් නැහැ කියලා. තව මොන කතාද ඉතිං. දැන් මේ ආණ්ඩුවෙන් දාපු නඩු වලින් නිදොස් කොට නිදහස් කරලා තියෙන්නෙත්.
ජෝන් අමරතුංග කිවුවා තව නඩු තියෙනවා කියලා ?
ඔව් අපි බලන් ඉන්නේ නඩු කොච්චර දැම්මත් වැඩක් නැහැ. ඔප්පු වෙන්නේ නැහැ
ඔහු දේශපාලකයෙක් නෙමෙයි නිලධාරියෙක් කියන දේට ඔබේ පිළිතුර මොකද්ද ?
ඔහු පරිපාලන නිලධාරියකුව සිටියදී තද තීන්දු ගත්තා. එහෙම නැතුව නිලධාරියෙක් විදියට වැඩ කරන්න බැහැ.
දමිල සන්ධානයත් එක්ක එකතු වුණු කොන්දේසි මොනවද ?
අපි ඒවා දන්නෙත් නැහැ ගත්තෙත් නැහැ. සාකච්ජා කළෙත් නැහැ. අපි ඕවා ගන්නෙත් නැහැ. දහස් ගණන් රණ විරුවෝ දිවි පුජා කරලා දිනා ගත මේ දේශය මොනම හේතුවක් නිසාවත් පාවලා දෙන්නේ නැහැ.
ඔබ අනිවාර්යෙන් ජයග්රහණය ලබනවා කිවුවට ඔය බලාපොරොත්තුව 2015 දී තිබ්බට ප්රථිපලය ලැබුනේ වෙන දෙයක් ?
අද තත්වය වෙනස්
සෙසු අපේක්ෂයන් එකතු වෙනවලු. මේක අභෝයෝගයක් නෙමෙයි ද?
කවුරු හිටියත් කවුරු එකතු වුණත් අපිට අභියෝගයක් නැහැ.අපිට යම්කිසි තරගයක් තියෙන්නේ සජිත් එක්ක විතරයි. ඔය සෙසු කියන අපේක්ෂකයෝ ජන්ද 5000කට වඩා ගන්නේ නැහැ. මේ රටේ මිනිස්සු මෝඩ නැහැනේ. රට ගොඩගත හැකි එකම පුද්ගලයා සජිත් කියන එක ජනතාව දැනටමත් තෝරලා ඉවරයි