Mon. Sep 23rd, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝය

ලක්වාසීන් බෞද්ධ සංස්‌කෘතියක සාඩම්බර හිමිකරුවන් කළ අනුබුදු මිහිඳුහිමි වැඩි, පොසොන් පුර පසළොස්වක පෝය දිනය අදය. පොසොන් පොහොය යනු ශ‍්‍රී ලාංකීය ජනතාවගේ අභිමානවත් සැබෑම නිදහස් දිනයයි. නැකතට දඩ කෙලියේ යාමත්, ගස් ගල් ඇදහීමත් පුරුදු වී සිටි ජනතාව එයින් නිදහස් කොට මගඵල ලාභී රහත් මුනිවරුන්ගේ පරපුරක් බවට පත් වූයේ පොසොන් පොහෝ දවසේ ලත් මහානීය දායාදය වූ බුදු දහමේ මහිමයෙනි.

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයත් සමග වෙසක් මංගලයත් නිසි ලෙස සැමරීමට නොහැකි වූ නිසාවෙන් මේ වන වීර රටේ ආරක්‍ෂාව රජය ස්ථිර කර ඇති නිසා මෙවර පොසොන් පොහොය වෙනුවෙන් අන් කවරදාටත් වඩා බොහෝ ප්‍රදේශ වල දන්සැල්, තෝරන් ආදී බොහෝ ආගමික වැඩසටහන් මෙන්ම විවිද පිංකම් සුදානම්ය. එමෙන්ම පෙහෙවත්සමඩම් වීමද සිදු වී දිවයිනේ බොහෝ වෙහෙර විහාරස්ථාන සැදැහැවතුන්ගෙන් පිරි ගොස් තිබිණි.

දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක යෙදුණහ. මෙය ලොවේ පැරැණිතම බුද්ධි පරීක්ෂණය ලෙස ද සලකනු ලැබේ. නුවණැති රජතුමා ගැන පැහැදුණු අනු බුදු මිහිදු හිමියෝ ඇත් පිය උපමාවෙන් යුතු වූ ‘චුල්ලහත්ථි පදෝපම සූත්රය’ සුමිහිරි නාදයෙන් දේශනා කළ සේක.

මෙසේ අසරණ වූ ලංකාවාසීන්ට අනුකම්පා කළ අනුබුදු මිහිඳු හිමියෝ දඹදිව වේදසගිරි නුවරින් ලක්දිව මිස්සක පව්වට වැඩම කළේ ශ්රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ අද වැනි සුපින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය. දොළොස් මහේ පොහොය අතුරින් සුවිශේෂි වූ පොසොන් මහේ පුර පසළොස්වක පොහොය ලාංකේය ජනතාවගේ සිත සදහම් ප්රදීපයෙන් ඒකාලෝක කරවා ලක්දිව්තලය මාණික්යයක් සේ සද්ධර්මයෙන් බැබළ වූ අසිරිමත් දිනයයි.

බෝසතාණන් වහන්සේ අවිද්යාව නමැති කැණිමඬල නසා ශ්රේෂ්ඨ වූ සම්මා සම්බුද්ධත්වයෙන් පිදුම් ලැබූ සිව්වන සතියෙහි සවණක් ගණ බුදු රැස් මාලාවන්ගෙන් රුවන් ගෙය බැබළවූයේ ද පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය. කෙලෙස් ගිනි දැල් වලින් වෙලී අඳුරේ සිටි ලෝක සත්වයාට මහත් වූ අනුකම්පාවෙන් සසර කතරින් එතෙර වන මඟ පෙන්වා දුන් සම්බුදු පියාණන් වහන්සේගේ පහසින් ලක්දිව් තලය තෙවරක්ම පිවිතුරු කරවූ සේක. එහෙත් එකල ක්රමවත් දහමක් නොඇදහූ බහුතර ලාංකේය ජනතාව ඉර, හඳ, තාරකා දේවත්වයෙන් සලකා යක්ෂ හා වෘක්ෂ වන්දනාවන්ට යොමු වී මිත්යාවේ ගැලී සිටියහ.

මෙසේ අසරණ වූ ලංකාවාසීන්ට අනුකම්පා කළ අනුබුදු මිහිඳු හිමියෝ දඹදිව වේදසගිරි නුවරින් ලක්දිව මිස්සක පව්වට වැඩම කළේ ශ්රී බුද්ධ වර්ෂ 236 දී උදා වූ අද වැනි සුපින්බර පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය. මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල රහතන් වහන්සේත්, ෂඩ් අභිඥාලාභී සුමන සාමණේරයන් වහන්සේත් භණ්ඩුක උපාසකතුමාත් මෙම අසිරිමත් ලංකාගමනයට එක් වූහ.

පාලි ත්රිපිටකයත්, අටුවාත් රැගත් මෙම ධර්මදූත පිරිස සෘද්ධි බලය පා මිහින්තලාවට වැඩම කර නිර්මල වූ සදහම් ගංඟාව ලක්දිව් තලයෙහි උතුරා ගලා යැවූහ. මේ බව ථෙරවාදී සම්ප්රදාය, සමන්තපාසාදිකාව, දීපවංශය හා මහා වංශය වැනි පුරාතන වංශ කතාවල ද සඳහන් ය.

ලාංකේය අපට මහත් වූ අනුකම්පාවෙන් සෙල් තලාවට වැඩම කළ අනුබුදු මිහිදු හිමියන් ධර්ම රාජයන් වහන්සේගේ ආර්ය ශ්රාවකයන් බව සුහද සංවාදයකින් හඳුනා ගත් රජතුමා තම අදෘෂ්ට මිත්ර සැදැහැවත් දම් සෝ නිරිඳු මතකයට නැගී අපමණ වූ ප්රීතියට පත් වුයේ ය.
මිහින්තලා කඳු මුදුන කසාවතින් බබළවා විහිදුණු සදහම් කිරණේ ආලෝකයෙන් සැනසුණු රජතුමා දුනු හී ඉවත දමා පිරිවර සමඟ පිරිවරා ඉඳ ගත්හ.

‘චක්රවර්ති සීහනාද සූත්රයෙ’න් බුදුරදුන් වදාළ පන්සිල් සුරැකීමේ චර්යා ධර්මතාවයෙහි අගය ලාංකේය අපට නැවත වටහා දුන්නේ අනුබුදු මිහිඳු හිමියෝ ය. දෙවන පෑතිස් රජතුමාගේ බුද්ධිය පිරික්සූ මිහිදු මා හිමියෝ අඹ හා ඥාති පැන ඉදිරිපත් කරමින් සුහද සංවාදයක යෙදුණහ. මෙය ලොවේ පැරැණිතම බුද්ධි පරීක්ෂණය ලෙස ද සලකනු ලැබේ.

නුවණැති රජතුමා ගැන පැහැදුණු අනු බුදු මිහිදු හිමියෝ ඇත් පිය උපමාවෙන් යුතු වූ ‘චුල්ලහත්ථි පදෝපම සූත්රය’ සුමිහිරි නාදයෙන් දේශනා කළ සේක. තෙරුවන් ගුණ බලයෙන් සැනසුණු රජතුමා සමඟ හතළිස් දහසක් පිරිවර සැදැහැති බෞද්ධයන් වී මේ පින්බිම බුදු දහමේ සුපින්බර පුවතින් බැබළවූයේ අද වැනි පොසොන් පුර පසළොස්වක පොහොය දිනකදී ය.

ධර්ම ප්රදීපිකාව, දම්පියා අටුවා ගැටපදය, පන්සිය පනස් ජාතක පොත, පූජාවලිය, මුවදෙව්දාවත ආදී විශිෂ්ට ග්රන්ථ රැසකින් බෞද්ධ දර්ශනයේ අගය ලොවට දායාද කළ මහින්දාගමනය ලක්දිව බොදු සංස්කෘතික ඉතිහාසයේ සුවිශේෂී පෙරළියක් ද සිදු කළේය.

එදා හෙළ කලාකරුවා මහින්දාගමනයෙන් ලැබූ ජීවය අති මහත් බව මුඛ පරම්පරා ජනකතා, පුරාවිද්යා ග්රන්ථ, මහා වංශය හා දීප වංශය වූ වංශ කතාවල ද සඳහන්ව ඇත. ගොරහැඩි ගල් කුළු මත කුළුණුබර බුදු පිළිම නෙලූ හෙළ කලාකරුවා තැනිතලා ගල්තලා බිතු සිතුවම් රූ මගින් අලංකාර කළේය. වනයට වසන් වූ ගල් ගුහා රහතන් වහන්සේ වැඩ විසූ ලෙන් බවට පරිවර්තනය වූයේ ද මහින්දාගමනයෙන් ලක්බිම බැබළ වූ නිසාය. ලක්දිව බෞද්ධ ශිෂ්ඨාචාරයේ මධ්යස්ථානය වූ මිහින්තලය ලොවෙහි ද අද්විතීය පූජනීයත්වයෙන් පිදුම් ලද සුවිශේෂී පුද බිමක් ලෙස ලක්දිව බෞද්ධයාට දායාද කරවූයේ අනුබුදු මිහිදු හිමියන් ගේ අසිරිමත් ලංකාගමනයයි.

මෙවර 2019 ජුනි මස 16 වෙනි දිනට යෙදී ඇති පොසොන් උත්සවය නිමිත්තෙන් ජුනි මස 12 සිට 18 වන දින දක්වා වූ කාල සීමාව පොසොන් සතිය ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත. මෙවර පොසොන් තේමා පාඨය ලෙස “සබ්බේ තසන්ථි දණ්ඩස්ස” (සියලු සත්වයෝ දඬුවමට බිය වෙති) යන ගාථා පාඨය තෝරා ගෙන ඇති බව අභ්‍යන්තර,ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

එමෙන්ම මෙකී සතියක කාල සීමාව තුළ රජයේ සියලුම ආයතනවල සහ ගොඩනැඟිලිවල බෞද්ධ කොඩිය ඔසවා තැබීමටත්, පොසොන් සැරසිලිවලින් අලංකාර කිරීමටත් තීරණය කර තිබේ. මෙයට සමගාමීව සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් තම කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීන් හා ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කර ග්‍රාමීය මට්ටමෙන් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔවුන්ගේ සේවය ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. මිට සමගාමිව සතියක් සුරාසැල් සමාජ ශාලා සියල්ල වස තැබීමට රජය නියෝග දී තිබේ.

මීට අමතරව සියලුම අන්‍යාගමිකයින්ගේ සහයෝගය ලැබෙන පරිදි සහ ආගමික සංහිඳියාව වර්ධනය වන ආකාරයට සියලුම ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් පොසොන් උත්සව පවත්වන ලෙසටද උපදෙස් දී තිබේ. මේ පිළිබඳව සියලුම අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් සභා ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශිය ලේකම්වරු වෙත චක්‍රලේඛයක් මගින් දන්වා යවා ඇති බව ලේකම්වරයා වැඩි දුරටත් පවසයි.

මේ ආකාරයෙන් අලෝකමත්වන මේ භුමියේ සියළු භිය දුරුවන සියලු දෙනාගේම පින් සිතුවිලි පහන් වෙන පින්වත් පොසොන් මංගල්‍යක් වේවායි CGS අප සමස්ත සියළු වාසීන්ට පාර්ථනා කරන්නෙමු.

  • AS

Microsoft 70-695 Brain Demos

No matter what happens in the future, Start with the things at hand regardless of how this is going to be with the future to do well, to do well, and to do it http://www.passexamcert.com thoroughly. But this is not the end of the matter. It seems to be outside the body, in which it Microsoft 70-695 Brain Demos is the person who invented these slogans and slogans became karaoke 30 years later this is not clear to me I don t know why we should take our face and brother The MCSE: Enterprise Devices and Apps 70-695 slogan and slogan are together I am also blind, I am also a kind of hunch, I am also a feeling and guess, I did, but I don t know why I want to do this, I only know it, I don t know The reason why it is now you are now old Liuer so ignorant, I am suddenly clear about it it is in this sense, how can I not find you when I encounter problems, how can I not ask What about the old predecessors Because of your sorrow, I will wake up when I pour it. At this Microsoft 70-695 Brain Demos time, we are not innocently thinking, from the material structure of the village, his creation of our village is no less important than the grandfather of our village, Lao Liang, because of 70-695 Brain Demos a tile house, he can even be old. But don t enlarge the problem, don t say my kindergarten child later, say Deploying Windows Devices and Enterprise Apps me stupid for a while, OK Julie heard the words of Ming Cheng and almost screamed.

Only, no one knows, their story, their love, how their youth is flowing in these green years. No longer even a sub line, 70-695 Brain Demos and gradually become a parallel line.At that moment, you are entangling me Microsoft 70-695 Brain Demos to tell you a movie, I just tell you Deploying Windows Devices and Enterprise Apps what kind of montage you are pulling in. As I walked out of the house, I saw a real military hospital.still isThose little female soldiers come and go. We were all in the car with a pile of Microsoft 70-695 Brain Demos MCSE: Enterprise Devices and Apps 70-695 felt cloth on the 70-695 Brain Demos body lying on top of a pile of Microsoft 70-695 Brain Demos gifts, afraid to look up, then looked at him.

Amy Microsoft 70-695 Brain Demos was not sure. She gently stroked the abdomen. MCSE: Enterprise Devices and Apps 70-695 Yes. Can MCSE: Enterprise Devices and Apps 70-695 Brain Demos Deploying Windows Devices and Enterprise Apps we tell outsiders Peter Microsoft 70-695 Brain Demos asked. For a long time, this position has not changed. You have never been 70-695 Brain Demos with me. You are afraid of mice.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *