Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රාත්‍රී සමාජ ශාලා වැඩි කල යුතු බවට ඇමති ජෝන් ගෙන් යෝජනාවක්

ශ‍්‍රී ලංකාවේ කැසිනෝ ආකර්ශනීය බවට කිසිදු සැකයක නැති බව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජොන් අමරතුංග මහතා පවසයි.

කොළඹ හා වෙනත් ප්‍රදේශවල විනෝද ක්‍රියාකාරකම් නැති බවට ඉන්දීය බලධාරීන් චෝදනා කරන බවත් ඉන්දීය තරුණ සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගැනීම සදහා හෝටල් වල රාත්‍රී සමාජ ශාලා ඇති කල යුතු යයිද ඇමතිවරයා පවසයි.

ඉන්දීය සංචාරක පැකේජය ඉතා වැදගත් යයිද කී ඔහු ඉන්දියානුවන් දිගටම මෙරට සංචාරය කරන්නේ නම් වෙනත් අය මත යැපීමට අනවශ්‍ය බව සංචාරක මණ්ඩල උත්සවයක් අමතමින් අමත්‍යවරයා සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: