Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

කැළණිය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ පිහි ඇනුමක්

කැළණිය විශ්ව විද්‍යාල පරිශ‍්‍රයේ අද (13) පෙරවරුවේදී විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසර ශිෂ්‍යාවන්ගේ බණ්ඩාරනායක නේවාසිකාගාරය ආසන්නයේ පිහි ඇනුම සිදුව තිබේ.

විශ්ව විද්‍යාලයේ ප‍්‍රථම වසරේ ඉගෙනුම ලබන සිසුවියක් පේ‍්‍රම සබදතාව මුල් කර ගනිමින් මෙම පිහි ඇනුම සිදුවී ඇති බව පොලිසිය සදහන් කරයි. තුවාල ලැබූ ශිෂ්‍යාව කිරිබත්ගොඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා රාගම ශීක්‍ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පිහිඇනුම සිදුකර ඇත්තේ පිටස්තර පුද්ගලයෙකු බවත් සැකකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන වැඩි දුර පරික්ෂ කටයුතු සිදු  කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: