Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය සිටින බවට සැකකෙරෙන තමිල්නාඩුවේ ස්ථාන හතක් ඉන්දීය බුද්ධි තොරතුරු එජන්සියෙන් වටලයි

ශ්‍රී ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සහ IS ත්‍රස්තයින් සමග සබඳතා පවත්වන පුද්ගලයින් සිටින බවට සැක කෙරෙන තමිල්නාඩුවේ කොයිම්බතුර් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ඉන්දීය බුද්ධි තොරතුරු එජන්සිය විසින් වටලා තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කලේ තමිල්නාඩුවේ කොයිම්බර්තුර් ප්‍රදේශයේ ස්ථාන හතක් ඉන්දීය බුද්ධි තොරතුරු එජන්සිය විසින් වටලා ඇති බවය.

කෙසේවෙතත් පසුගිය මාසයේ ඉන්දීය බුද්ධි තොරතුරු එජන්සියේ උසස් පොලිස් නිලධාරියෙකු ත්‍රස්ත පරීක්ෂන කටයුතු සඳහා මෙරටට පැමින ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දීය බුද්ධි තොරතුරු එජන්සිය පවසන්නෙ ත්‍රස්තයින් පිලිබඳ තොරතුරු ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීම තුලින් දෙරටේම පරීක්ෂන කටයුතු වලට පහසුවනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: