Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ඇමරිකානු රාජ්‍ය ලේකම් දිවයිනට

ඇමරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

ජුනි 24 වනදා සිට ජුනි 30 වනදා දක්වා ඉන්දීය කලාපිය රටවල් කිහිපයක ඔහු සංචාරය කිරීමට නියමිතය.

ඔහුගේ නිල සංචාරයේ දී පළමුව ඉන්දියාවට ගොස් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා හමුවීමටද නියමිතය. එතනින් පසුව ඔහු කොළඹට නියමිත අතර එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මෙරට උත්ගතවූ තත්වය පිලිබදව ඔහුගේ අවධානය යොමු වනු ඇතැයි වාර්තා වෙයි.

එමෙන්ම රටවල් දෙක අතර රාජ්‍ය ගනුදෙනු කිහිපයක් පිළිබදවද මෙහිදී සාකච්චා කිරීමට නියමිත බව සදහන් වෙයි. මෙරටින් පසු ඔහු ජපානයේ ඔසාකා දක්වා පිටවීමට සැලසුම් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: