Sun. Aug 25th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අන්කවරදාටත් වඩා වැදගත් වූ අසල්වැසියාගේ ශ්‍රී ලංකා සංචාරය

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තුන්වැනි වරට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා අද පැමිනියේ එවැනි රාජ්‍ය නායකයකුගේ සංචාරය කවරදාකටත් වඩා වැදගත් වූ කාලසිමාවකයි. නිල සංචාරය පැය කිහිපයකට සීමා වූවද දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එමගින් වන බලපෑම සුළු පටු නොවේ. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වූයේ ජනපති මෛත්‍රීපාල මහතා මීට දින කිහිපයකට පෙර මෝදිගේ දෙවන ධුරකාලය සඳහා දිවුරුම් දීම වෙනුවෙන් නව දිල්ලියේ පැවති නිල උත්සවයට සහභාගීවු අතරතුර කළ කෙටි ආරාධනයකට අනුවය.

විදේශ සබඳතා හා නිල සංචාර ආදිය පිලිබඳ දීර්ඝකාලීන සැලසුම් අනුව කටයුතු කරන ඉන්දිය රාජ්‍ය නායකයා මෙවැනි හදිසි ආරාධනයකට දැක්වූ කඩිනම් ප්‍රතිචාරය දෙරටේ සබඳතාවන්හි තරම කියාපාන්නකි. මෝදි සිය දෙවන ධුරකාලය සඳහා දිවුරුම් දීමෙන් අනතුරුව ප්‍රථම රාජ්‍ය සංචාරය සඳහා තෝරා ගන්නේ මාලදිවයින හා ශ්‍රී ලංකාවයි. අසල්වැසියාට පළමු තැන යන ඉන්දීය ප්‍රතිපත්තියට අනුව ,තමා එම සංචාරය සිදුකරන බව නරේන්ද්‍ර මෝදි මහතා කියාසිටියේ මෙම රාජ්‍ය සංචාර සඳහා සිය මව් රටින් පිටවීමට මොහොතකට පෙරය. එමෙන්ම ඉන්දීය මාධ්‍ය අද වාර්තාකලේ SAGAR (Security and Growth for All in the Region) යන මූලධර්මය සඳහා ඉන්දියාවේ ඇති කැපවීම මෙම සංචාරය තුළින් පැහැදිලි වන බවයි.

විශේෂයෙන් පාස්කු දින ත්‍රස්ත ප්‍රහාර වලින් අනතුරුව මෙරට සංචාරයේ නිරත පළමු රාජ්‍ය නායකයා වන්නේ නරේන්ද්‍ර මෝදි මහතායි. අප්‍රේල් මස 21 වැනිදායින් පසුව ශ්‍රී ලංකාවේ සෑම ක්ෂ්‍රේතයකම දක්නට ලැබෙන්නේ පසුගාමී තත්ත්වයකි. විශේෂයෙන් මෙරට ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම සුළුපටු නොවේ. වසර 30 ක යුද්ධයෙන් අනතුරුව ඇති වූ සාමකාමී වාතාවරණය සමග මෙරට කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කළ සංචාරක ක්ශ්‍රේතයට පාස්කු ප්‍රහාරයෙන් එල්ල වූයේ මරු පහරකි. රට පුරා සංචාරක හෝටල් වල කිසිදු විදේශිකයකු නොමැති තරම්ය. යලි ඇති වූ ත්‍රස්ත බිය සමග ඇමරිකාව, යුරෝපය ඇතුළු බොහෝ රටවල් නිකුත් කළ සංචාරක අවධානම් නිවේදන හේතුවෙන් විදේශිකයින් පැමිනීම ඇනහිට තිබේ. විදෙස් ආයෝජන නොඑන තරම්ය.

මෙවැනි වාතාවරණයක් තුළ කලාපයේ බලවතා වන ඉන්දීයාවේ රාජ්‍ය නායකයාගේ සංචාරය ශ්‍රී ලාංකාවට මහත් අස්වැසිල්ලක් වනු නොඅනුමානය. මෙය ලෝක ප්‍රජාවේ අවධානය යලි ශ්‍රී ලංකාව දෙසට යොමුකර ගැනීම සඳහා ප්‍රභල ආරම්භක පියවරක් වනු ඇත. බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරත් සමග උද්ගතවූ තත්ත්වයෙන් අනතුරුව යලි ශ්‍රී ලංකාව තුළ වර්ධනය වන ආරක්ෂාකාරී වාතාවරණය පිළිබඳව ලෝක ප්‍රජාවට ධනාත්මක සංඥාවක් ලබාදීම සඳහා මෙරටට පැමිනීම පිලිබඳ කෘතඥ වන බව අද පැවති ද්වීපාර්ෂවික සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ප්‍රකාශ කලේ එබැවිනි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පවතින බැඳීමේ ශක්තිමත් බව හා විශ්වාසය මෙමගින් පිලිබිඹු වන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙය ආර්ථික, වෙලඳ, හා සංචාරක ක්ෂේත්‍රයන්හි ප්‍රවර්ධනය සඳහා රුකුලක් වන බවයි.

වගකීම්සහගත, මිත්‍රශීලී හා සහෝදරත්වයෙන් යුතු රාජ්‍යන් ලෙස මෙවැනි අවස්ථාවන්හී දී එකිනෙකාට අවශ්‍ය සහය ලබාදිය යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී පැවසීය.

ඔහු වැඩිදුරටත් අවධාරණය කලේ තම රට අඛන්ඩව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීයව කටයුතු කරන බවයි. මෙම හමුවේදී රාජ්‍ය නායකයින් දෙපල කාලපීය ආරක්ෂාව සාමය හා ස්ථායීතාව වර්ධනය පිලිබඳ සාකච්ඡා කල අතර සියළුම ආකාරයේ ත්‍රස්තවාදය හෙලාදකිනු ලැබුවා. නරේන්ද්‍ර මෝදි මහතා ශ්‍රී ලංකාවට පැමිනීමට පෙර මාලදිවයිනේදී ද ත්‍රස්තවාදය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කළා. ඔහු එහිදී කියාසිටියේ රජ්‍ය අනුග්‍රහකත්වය ලබන ත්‍රස්තවාදය අද ලොවටම තර්ජනයක් එල්ල වී ඇති බවයි.

 

 

 

මේ අතර නරේන්ද්‍ර මෝදි මහතා අද සිය සංචාරය අතරතුර විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද හමුවී සාකච්ඡා පැවැත්වුවා. එම සකච්ඡාවේදී ද වැඩි අවධානයක් යොමු වුයේ ත්‍රස්තවාදය මැඩලීම හා ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය ආදිය පිලිබඳවයි.

නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ සිදුවූ තවත් ඉතා වැදගත් සිදුවීමක් වූයේ පාස්කු දින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයට ලක්වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය නිරීක්ෂණය සඳහා ඔහු එක්වීමයි. මෙම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ද එක්වූණා. මෙය ලෝකවාසී කිතුණු ප්‍රජාවේ අවධානයට යොමුවනු නොඅනුමානයි.

                                                                                                                                           

                                                                                                                                         සටහන-  වරුණී පෙරමුණ

 

ASQ CQA Study Material

Both sides of the hall listening ASQ CQA Study Material to officials face, showing the admiration ASQ Certification CQA of Zeng Guofan color. Although the British states such as Anglia and the United States ASQ CQA Study Material also sent envoys to take the ship, But did not meet, the gift naturally did not receive. Such as the ASQ CQA Study Material big restaurant, restaurant, theater garden, but also to color.Even the red lanterns hanging outside the playground, but also to Quality Auditor Exam the official designated place to CQA Study Material buy a brand new hanging. Tseng Kuo fan meditated for a moment before he said Mrs.Mayvan s sentence makes a fair and reasonable sense and now, if Mrs. Sa Ying Ah did not dare delay, overnight action, the facts will soon be verified Qi Zhongtang triumph is false, indiscriminate killing innocent is true.

The white stone was shocked. His first reaction was to say like the same as our ordinary people hurriedly refute, prove and yell at her answer Female rabbit lips, how can you do this How can you not know me CQA Study Material How can you not be a female rabbit How can you say that you have not written a letter to me Your letters although I only received them after ten days, but now Quality Auditor Exam I am It s still stacked neatly. Until the airport ASQ CQA Study Material security check, Ming Yu remembered ASQ Certification CQA Study Material the phone that had just come to Mingzhe. Many ASQ Certification CQA white ASQ CQA Study Material stones are dedicated to teaching, and the parts are all wonderful.

That was the first ASQ CQA Study Material fine he had handed in. At CQA Study Material this time of the Quality Auditor Exam day, ASQ CQA Study Material he had to take his father to the bathroom to make a small solution. CQA Study Material Maybe one day, we will realize this idea There are many ASQ Certification CQA people who come to buy and see silk, most of them women.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *