Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ආණ්ඩුව දෙකොන පටලවාගෙන-වාසුදේව නානායක්කාර

පාස්කු දින ප්‍රහාර මාලාව සමග ත්‍රස්තවාදය මර්ධනය සඳහා මෙරට නීතිය ශක්තිමත් කිරීම පිලිබඳ අවධානය යොමු වූයේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරවයි. ඒ සඳහා විවිධ පාර්ෂවලින් විවිධ යෝජනා අදහස් ඉදිරිපත් වෙමින් ඇති අතර අගමැති ප්‍රමුඛ ආණ්ඩුවේ විසඳුම වී ඇත්තේ යටපත් වෙමින් පැවති ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීමයි.

නමුත් විපක්ෂයේ චෝදනාව වන්නේ මෙය ත්‍රස්තවාදය මර්ධනය සඳහා නොව ආණ්ඩුවිරෝධීන් මට්ටු කිරීම සඳහා ගෙන එන උපක්‍රමයක් බවයි. එය එසේ නම් විපක්ෂයට විකල්පයක් තිබේද? Colombo Gazzette Sinhala සමග මෙලෙස අදහස් පලකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා.

ත්‍රස්තවාදය වැලැක්විමේ පනත වෙනුවට ප්‍රතිත්‍රස්ත පනත කරලියට එන්නේ ඇයි?

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පොරොන්දුවක් වෙලා තියෙනවා ත්‍රස්තවදය වැලැක්ව්මේ පනත ඉවත් කරනවා කියලා ජිනිවා මානව හිමිකම් කවුන්සිලයටත් ඩයස්පෝරාවටත්. ඒ නිසා ඒ අයට එය ඉවත් කරගැනිමට බලපෑම ඇතිවි තිබෙනවා දැන් මේක ඉවත්කරන කොට ත්‍රස්තවාදය වැලැක්විමේ පනතින් ඉටුකරන කාර්ය කරන්න වෙනත් නීතියක් නැහැ. ඒ වෙනුවට ගෙනත් තියෙනවා ප්‍රතිත්‍රස්ත පනත නැත්නම් ත්‍රස්ත විරෝධි පනත. ඒක සම්පුර්ණයෙන්ම වෙනත් ප්‍රශ්නයකටයි යොමු වි තිබෙන්නේ. ඒ කියන්නෙ ආණ්ඩු විරෝධි ක්‍රියාකාරිත්වය මර්දනය කිරිම සඳහා ඒ ඔක්කොම ත්‍රස්තවාදය වශයෙන් නම්කෙරෙනවා . එතකොට පොලිසිවලට බලතල පැවරීම ආණ්ඩු විරෝධි ක්‍රියාකාරිත්වය වැලැක්විමට මේ ආණුඩව අද ජනතා විරෝධය මර්දනය කිරිමට ගෙනාපු පනත තමා මේක. ත්‍රස්වාදි ක්‍රියාකාරකම් වැලැක්වීම සම්බන්ධයෙන් බලතල ලබාදිම් මේ එකක්වත් මේකෙ නැහැ. දැන් මේකෙන් ත්‍රස්තවාදින් කියලා නම් කරන්නේ මේ රටේ ආණ්ඩු විරෝධි ක්‍රියාකාරකයින්. සාමාන්‍යෙයන් ත්‍රස්තවාදින් කියන්නෙ රාජ්‍ය විරෝධි ක්‍රියාකාරිත්වයක් රාජ්‍ය විරෝධි බලයක්. ඒ කියන්නේ රජයේ බලයට ප්‍රතිවිරුද්ධ බලයක්. දැන් මේක ගේන්නෙත් ආණ්ඩුවිරෝධි මහජන උද්ඝෝෂණ වැලැක්විමට තමයි. ත්‍රස්තවාදය විග්‍රහ කිරමේදි ඒ අය සම්පුර්ණයෙන්ම ත්‍රස්තවාදි නොවන ශබ්දකෝෂයේ ත්‍රස්තවාදය කියන එකේ අර්ථය වෙනස්වන ආකාරයට තමයි මේ පනත ගෙනත් තියෙන්නෙ. ත්‍රස්තවාදය කියන එකට අර්ථයක් තියනාවානෙ රාජ්‍යට විරුද්ධව ගෙන යන භිෂණක් .ඒවා මොකක්වත් මේකෙ නැ. මේකෙ තියෙන්නෙ ආණ්ඩුවට විරුද්ධව උද්ඝෝෂණය කරන එක ත්‍රස්තවාදි කියලා. ඒ නිසා මේක වෙනත් අරමුණකට ගෙනාපු පනතක්. ඒ පනත වචන අර්ථය වශයෙනුත් වැරදි පනතක්. ඉස්සෙල්ලා පනත වෙනුවට ගෙනාපු පනතක් හැටියට ඒකෙන් ඉටුවන කාර්යය මේකෙන් ඉටුවන්නෙ නැ. අනික ත්‍රස්තවාදින් සම්බන්ධයෙන් කියලා රාජ්‍ය බලයට විරුද්ධව නැගි සිටින්නට වගන්ති ගණණාවක් ඉදිරිපත් කරලා තියෙනවා.ඉතින් ඒ කාරණා ඔක්කොම එකට ගත්තම මේක වෙනම කටයුත්තකට මේගොල්ලො අරමුණු කරගෙන තියෙන්නෙ. මේ ත්‍රස්ත විරෝධි පනත ආණ්ඩුව සම්පුර්ණයෙන්ම දෙකොන පටලවාගත්ත අවස්ථාවක් හැටියට මට පේනවා. ආණ්ඩුවට උවමනා දේ කරන්න ත්‍රස්ත විරෝධි පනත, ත්‍රස්ත විරෝධයට සම්බන්ධයක් නැති මහජන උද්ඝෝෂණ ත්‍රස්ත ක්‍රියා නමින් නම් කරලා ඒ අය අවුරුදු 10ට 20 ට හිරේට යවන්නයි ඒ අය බලන්නෙ.

මේ වෙලාවේ රටේ තිබෙන ත්‍රස්තවාදි ක්‍රියා වැලැක්විමට සුවිශේෂි විධිවිධානවල අවශ්‍යතාවයක් තියෙනවා නේද?

ඒ පනතේ එහෙම මොකුත් නැ. ඒ පනතේ නැ මේවා වලක්වාලන යෝජනා හෝ වදන්.

එහෙමනම් ඒකට විකල්පයක් විදිහට ඔබතුමන්ලා යෝජනා කරන්නෙ මොනවද?

පළවෙනියට අපි කියන්නේ මේ රටේ විවිධ ජනවර්ග අතර ඇතිවන ප්‍රචණ්ඩ කණ්ඩායම් ඇති කිරිමට හේතුවන තත්ත්වය අපි යම් ආකාරයකට සමනය කරන්න ඕන. එහෙම සමනය කලේ නැත්නම් වෙන්නේ මේ රටේ තිබෙන ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුළ මේ තරුණ අලුත් කණ්ඩායම් වල අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරිමටත් ඒ අදහස් වෙනුවෙන් පෙනි සිටිමටත් ඒවා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් තුලට ඇතුලත් කිරිමට ඉඩ නොමැති බැවින් ඒ අය ප්‍රචණ්ඩකාරිත්වයන්ට යොමු වෙනවා. ඒ අයගේ කල්ලි කණ්ඩායම් වශයෙන්.ඒ නිසා දේශපාලන ප්‍රවාහයන් තුළ තරුණ පිරිස්වලට ඔවුන්ගේ ඉල්ලිම්වලට ඔවුන්ගේ වේදනාවන් වලට ඔවුන්ගේ විරෝධයන් ඇතුළත් කිරිමට පුළුවන් වෙන විදිහට දේශපාලන ප්‍රවාහයක් අපි නැවැත සකස් කළ යුතුයි. දෙවැනි කාරණය වන්නේ හරි බුද්ධි අංශයක් ක්‍රියාත්මක වෙන්න ඕන. විවිධ ප්‍රදේශවල බුද්ධි අංශ ඒකාබද්ධ කරලා විවිධ අංශවල බුද්ධි අංශවල බුද්ධි කණ්ඩායම් එකතු කරලා ඒ සියලු තොරතුරු එකට අරගෙන ආණ්ඩුවට පුළුවන් වෙන්න ඕන එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා මිනිමරුම් වැලැක්විමට කල්ඇතුව පියවර ගන්න. මේ ආකාරයෙන් තමයි මේකට විසඳුම් සොයන්න වෙන්නෙ.


මේ ප්‍රතිත්‍රස්ත පනතින් ජනාමාධ්‍ය ක්‍රියාකාරිත්වයට බලපෑමක් එල්ල වෙනවාද?

ඒවා ඔක්කොම ඉවර කරනවා. ජනමාධ්‍ය යටත් කරනවා ත්‍රස්තවාදයට මේ අලුත් ත්‍රස්ත විරෝධි පනත මගින් ඒ කියන්නේ ආණ්ඩුවට විරුද්ධව ජනමාධ්‍ය තොරතුරු හොයන්න ගියොත් තොරතුරුඉදිරිපත්කලොත් ඒවා ත්‍රස්තවාදය හැටියට නම් කරනවා.

ඔබතුමා කියන්නේ මේ ප්‍රතිත්‍රස්ත පනත රටට ඇත්තටම අවාසිදායකයි කියලද?

පැහැදිලිවම ප්‍රජාතන්ත්‍රවාදයට මෙම පනත අවාසිදායකයි.

පසුගිය දිනකදි අගමැතිතුමා පාර්ලිමේන්තුවේදි ප්‍රකාශයක් කළා ප්‍රතිත්‍රස්ත පනතට විරුද්ධවෙන්නෙ ත්‍රස්තවාදයට උඩගෙඩිදෙන අය කියලා?

ආණ්ඩු විරෝධින්ට එතුමා ත්‍රස්තවාදින් කිව්වහම ඔක්කොම දෙකොන පැටලවෙන කථාවක් .එතුමා ආණ්ඩු විරෝධින්ට ත්‍රස්තවාදින් කියලා ඊළගට කියනවා ඒකට විරුද්ධවෙන අයට ත්‍රස්තවාදින්ට උඩගෙඩි දෙනවා කියලා. අගමැතිතුමා, ආණ්ඩු විරෝධින්ට ආණ්ඩුවට එරෙහි විරෝධය කියා පෑමට තියෙන අයිතිය ත්‍රස්තවාදි නමට යට කරලා ත්‍රස්තවාදින්ට උඩගෙඩි දෙනවා කියලා. එතුමාගේ දෙකොන පටලවෙන කථාවක් මේ කියන්නෙ.

මේ වනවිට රටේ ආරක්ෂාව තහවුරු වෙලා තියෙන්නේ කියලා ආරක්ෂක අංශ දැනුම් දිලා තිබෙනවා. ඔබතුමාට මොකද්ද ඒ ගැන කියන්න තියෙන්නෙ?

දැනට නම් තහුවුරු වෙලා තියෙන්නෙ කියලා හිතන්න පුළුවන්. අත්අඩංගුවට ගත් ප්‍රමාණය අවි ආයුධ සොයාගත් ප්‍රමාණය ඔවුන්ගේ අලගිය මුලගිය තැන් සොයාගෙන තියෙනවනේ. එහෙම බලනකොට දැනට ආරක්ෂාව තහවුරුයි කියලා කියන් පුළුවන්. ඒත් කොහෙ හරි හැංගිලා ඉඳලා බෝම්බයක් බඩේ බැඳගෙන පුපුරුවා ගනියිද කියන ඉඩකඩ නැතෙයිම කියනවා නෙමෙයි. ඒකත් වලක්වාගන්න බුද්ධි අංශ, ඔත්තු සේවා ඉතාම තියුණු ලෙස ක්‍රියාත්මක වෙන්න ඕන කාලයක්.

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරිමට සැලසුම් කරලා තියෙනවා කියලා වාර්තාවුනා ඒ ගැන ඔබතුමා දැනුවත්ද?

එහෙම කියලා තියෙනවා. ඒක එතරම් ගණන් ගතයුතු නැහැ.පාර්ලිමේන්තුව වටේ ඕන තරම් ප්‍රබල ආරක්ෂාවක් තියෙනවා. බියවිය යුතු නැහැ. කථානායකතුමා තමාට යම් අවධානයක් ලබාගන්න වැරදි තොරතුරක් ලොකුවට ගණන් අරගෙන ඒක ප්‍රකාශයට පත් කරල තියෙනවා.

පසුගිය දින කිහිපයේ රටේ ප්‍රදේශ කිහිපයකම නොසන්සුන් තත්ත්වයන් හටගත්තා. කව්ද මේ දේවල් සිදුකරන්නෙ?

ඇත්තටම මෙහෙයුම් කරලා තියෙනවා ඉගැන්විම් කරලා තියෙනවා මේ දේවල්වලට වෙනත් කණ්ඩායම් මොටර් බයිසිකල් බස් වලින් ඇවිල්ලා බැහැලා ඒ තැන්වල ඒ තත්ත්වයන් ඇති කරලා තියෙනවා. නැතුව මේ ගම්වල මිනිසුන්ගේ ඇවිලිමක් නෙමෙයි. සංවිධානාත්මක කණ්ඩායම් ආගම්වාදි ජාතිවාදි කණ්ඩායම් මේ වැඩේ මෙහෙයවන්න උත්සාහා කරලා තියෙනවා. පොලිසියේ ක්‍රියාකාරිත්වය කල් ඇතුව ක්‍රියාකාරි බලයක් සහිතව තිබුන නම් ඕක ආරම්භවෙන්නෙ නැහැ. ඒ හිටපු පිරිස් බලය මදි එකපාරටම එන කණ්ඩායමකට මේගොල්ලන්ට මුහුණ දෙන්න බැහැ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා කියනවා එතුමට නීතිය හා සාමය පිළිබද අමාත්‍යංශය ලබා දුන්නොත් මේ ත්‍රස්තවාදි ක්‍රියා මර්දනය කරන්න කටයුතු කරනවා කියලා?

එතුමා ගැලපෙන්නෙ හමුදාව මැදිහත් විය යතු තැනක් තිබුනොත් ත්‍රස්තවාදය මර්දනය කරන්න. ත්‍රස්තවාදින් අවි ආයුධ අරගෙන සටන් කරන තැනක් තිබුනොත් අන්න එතනට සරත් ෆොන්සේකා යැවීමට හොඳයි උපදේශකයෙක් හැටියට මොකද යුධ හමුදාව වැඩියෙන්ම උවමනා ඒ තැන්වලට.

සංවාදය – වරුණි පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: