Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

විවිධ මාධ්‍ය තුලින් සංසරණය වන වීඩියෝ පිලබඳව යුධ හමුදාවේ අවධානය

ආරක්‍ෂක අංශ අඳින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇදගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානයයොමුකර ඇත.

යුද්ධ හමුදාව මගින් මේ සබැඳිව කඩිනම් පරීක්‍ෂණ පවත්වන අතර, එම වීඩීයෝවේ ඇතුළත් ආරක්‍ෂක අංශ සාමාජිකයෙක් යැයි සැකකෙරෙන පුද්ගලයා හඳුනාගැනීමට යුද්ධ හමුදාව මහජන සහය පතන අතර, පරීක්‍ෂණවලින් පසුව අදාල පුද්ගලයා ආරක්‍ෂක අංශ සාමාජිකයෙකු බවට තහවුරු වූවහොත් ඔහුට එරෙහිව දැඩි විනය පියවර ගැනිමට යුද්ධ හමුදාව කටයුතු කරනු ලැබේ.

තවද මේ පිළිබඳ තොරතුරු ඇතොත් විශේෂ විමර්ශන ඒකකය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ හදිසි ඇමතුම් අංක 0112514280 ට දැනුම් දෙන ලෙස යුධහමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: