Sun. Jul 21st, 2019

Colombo Gazette – Sinhala

News, views and more

රජය පොර්ට් සිටි සගවද්දී පොර්ට් සිටි විරෝධතා නැවතත්

පොර්ට් සිටි පිලිබදව දිගින් දිගටම ජනතා හඬ මතු වුවත් ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂා මහතා කන් නොදී හෙක්ටයාර  230 ප්‍රමාණය මුහුද ගොඩකර මෙම වරාය නගර ව්‍යාපෘතිය ආරම්භ කළේය . ඒ 2011 වසරේ මාර්තු මාසයේදීය. මෙම වියාපෘතිය කිසිදු පාරසරික ශක්‍යතා අධ්‍යනයකින් තොරව ආරම්භ කිරීමත් එම ගොඩ කරනු ලබන භූමියෙන් වැඩි කොටසක් චීනයට අයත් වීමත් හේතු කොට ගෙන ඊට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් මතු විය.

විශේෂයෙන්ම පරිසරයට සිදුවන බලපෑම පිළිබඳ පරිසර සංවිධාන, සිවිල් සංවිධාන මෙන්ම දේශපාලන පක්ෂවලද ප්‍රබල විරෝධයක් රාජපක්ෂ පාලනයට එල්ල වූ අතර පසුගිය ජනාධිපතිවරණයේදී හා මහ මැතිවරණයේදී වත්මන් පාලකයින් ජනතාවට පොරොන්දු වූයේ රටට හානිකර මෙම පෝට්සිටි ව්‍යාපෘතිය තහනම් කරන බවය. එහෙත් මේ වනවිට නැවතත් වත්මන් පාලනයද රාජපක්ෂ පාලනය ගිය මගෙහිම ගමන් කරමින් මෙම ව්‍යාපෘතියට අවසර ලබා දී තිබේ.

චයිනා හාබර් ඉංජිනියරින් සමගම විසින්  ඉදිකිරීම් කරනු ලබන මෙම පෝට් සිටි ව්‍යාපෘතිය සඳහා චීනය ඇමරිකා ඩොලර් කෝටි 150කි. (රුපියල් කෝටි 21713 ) මුදලක් ආයෝජනය කරනු ලබයි. ඒ අනුව මෙහි වර්තමානය තත්වය පිළිබදව කෙරෙන සටහනකි මේ.

පොර්ට් සිටි වත්මන් තත්වය රජය සගවයි

පෝට් සිටි ව්‍යාපෘතියේ වත්මන් තත්වය පිලිබද වාර්තාවන්ට අනුව ව්‍යාපෘතියේ සමස්ථ වැලි පිරවුම් හමාර බව සඳහන් වෙයි. බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යාංශය හා ඒ සම්බන්ධයෙන් ඇති වෙනත් අමාත්‍යාංශවලින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ යම් තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් පෝට් සිටි විරෝධි ජනතා ව්‍යාපාරයේ කමිටුවේ ෆයිසාල් මන්සූර් මහතා අයදුම් කර ඇතත් මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පවතින තොරතුරු ඉතාමත් රහස්‍යභාවයෙන් යුතුව පවතින නිසා එය ලබා දීමට නොහැකි බව පවසා ඇත.

කෙසේ වෙතත මේ වන විට පවතින ජාතික ආරක්‍ෂාවේ ප්‍රශ්ණය මත පොර්ට් සිටි ප්‍රශ්ණය යට යන පෙනුණත් රටට යෝග්‍ය නොවන මෙම වියාපෘතිය රජය විසින් හරි අපූරුවට සිදු කරමින් යන බව හර්මන් කුමාර මහතා අප කල විමසීමට පිළිතුරු දෙමින් සදහන් කළේය.

තරුණ එකතුවක්

ඒ අනුව පෝට් සිටි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව අතර උනන්දුක් ඇති කර ලීමට ඔවුන් උත්සහා ගනිති. ජනවබෝධ කේන්ද්‍රය විසින් මැයි 26 වන දින තරුණ එකතුවක් සංවිධානය කොට ඇත. මෙම තරුණ එකමුතුව සඳහා ධිවර කාන්තා සමිති , තරුණ ප්‍රජාව සමාජ මාධ්‍ය හරහා ද එකතු කර ගැනීමට ඔවුන් බලාපොරොත්තු වේ.

ධිවරයින් දැනුවත් කිරීම

මිට සමගාමිව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මහ මුහුදේ දී ධීවරයින්ගේ ආරක්ෂාව පිලිබද කම්කරු නීතිය පිලිබද දැනුවත් කිරීමට වැඩසටහන් කිහිපයක්ම ප්‍රදේශ කිහිපයකදී  ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය සංවිධානය කර ඇත.

චීන නියෝජිතයකුගේ අවධානය

“පෝර්ට් සිටි ව්‍යාපෘතිය මගින් සිදු කෙරෙන්නේ එක නගරයක් හදමින් පැරණි නගර රැසක් විනාශ කිරීමක්,” යයි පොර්ට් සිටි සුරැකීමේ සංවිධානය දිගිනටම පැවසු දෙයකි.

එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාවාසීන්ට විනාශය අත් කරමින් ඉදි කෙරෙමින් පවතින ‘පොර්ට් සිටි’ ව්‍යාපෘතිය වහා නතර කරන ලෙස චීන රජයෙන් හා ශ්‍රී ලංකා රජයෙන්ද ඔවුන් ඉල්ලා සිටියේය. ඒ අනුව එයට ඔවුන්ගේ දායකත්වය කෙසේ වී ඇත්ද යන්න සෙවීමේදී මේ වන විට ඔවුන් ඊට ප්‍රවේශයක් සකසා තිබුණේ මෙසේයි.

ජීනිවා නුවර පැවති සමුළුවට සහභාගි වූ සමාජ ක්‍රියාධරයකු වූ සරත් පියතුමා සමුළුව අවස්ථාවේදී චීන නියෝජිතයාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇත. නමුත් ඔහු ඊට නිසි ප්‍රතිචාර නොදක්වා ඇති නමුත් ඔහු මෙවැනි අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ නම් නඩු පැවරිය හැකි බවත් මේ සම්බන්ධයෙන් කිසිවක් ඔහුට එම අවස්ථාවේ පැවසීමට හැකියාවක් නොපවතින බවත් චීනයට ගොස් තමාගේ ඉහළ නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටත් පොරොන්දු වී ඇත. ඉන් පසුව සමුළුවෙන් පසු පරිසර සම්බන්ධයෙන් කටයුතු කරන ලේකම්තුමා හමුවීමට ගිය අතර පෝට් සිටිය සම්බන්ධයෙන් වන අයහපත් බලපෑම සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කිරීමට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසත් එහිදී ඉල්ලා ඇති අතර ඒ අනුව එම ලේකම්වරයා ලබන අවුරුද්දේ මෙරටට ඒමට නියමිත බව පියතුමා සදහන් කරයි.

ඒ අනුව පැමිණෙන චීන නියෝජීතයා මුණ ගැසී පෝට්සිටිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවත් සරත් පියතුමා සඳහන් කරයි.

මේ පිළිබදව තව දුරටත් අදහස් දැක්වූ සරත් පියතුමා සදහන් කරන්නේ තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් මුණ ගැසුණු බවත් ඔහු පවසා සිටියේ චීන ආයෝජන සම්බන්ධයෙන් දැනගැනීමට ඔහු චීනය වෙත ගොස් ඇති නමුත් එහිදි කිසිදු ආකාරයකින් එම තොරතුරු ලබා ගැනීම දුෂ්කර කර්තවයක් වූ බවත් පෝට් සිටිය සම්බන්ධයෙන් චීන රාජ්‍යයේ ඇතැම් ආයතන නොදන්නා බවය. එහිදි පියතුමා පවසා සිටියේ පෝට් සිටිය සම්බන්ධයෙන් වන කරුනු ඉතාමත් රහස්‍ය පාර්ශව හරහා පමණක් සිදු වන නිසා එය සාමාන්‍ය ජනතාවට දැනගැනීමට හැකියාවක් නොමැති බවය.

කෙසේ වෙතත ජනතාව මුහුණ දෙන විනාශය වැළැක්වීම සඳහා චීන රජයත්, ශ්‍රී ලංකා රජයත් පියවර ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ‘පෝර්ට් සිටි විරෝධී ජනතා ව්‍යාපාරයේ හර්මන් කුමාර මහතා සදහන් කරයි.

සමාජ ක්‍රියාධරයකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා සදහන් කරන්නේ ‘‘පෝර්ට් සිටි’ ව්‍යාපෘතිය නැවත පටන් ගන්නා බව මැති ඇමතිවරු ප්‍රකාශ කර තිබෙනවා. අපි ඊට විරුද්ධයි. මෙතැන නීතිමය ප්‍රශ්නයක් විතරක් නොවෙයි. එමගින් පරිසරයට දරුණු බලපෑමක් සිදු වෙනවා” යන්නය.

රටේ ආරක්ෂාව සම්බන්දයෙන් පවතින තත්වය හමුවේ මේ ප්‍රශ්න යට ගියත් දිගින් දිගටම මේවට එරෙහිව සමාජීය විරෝධතා මතු වනු ඇත. බොහෝ දෙනකුගේ තර්කය වන්නේ ඇමරිකාවේ සමාගම්ද චීනය ගන්නේ නම් ලංකාව වැනි කුඩා රටක් චීනය සමග ගිවිසුමකට යාමෙන් ප්‍රතිපල දායක බවයි. ගැටලුව ඇත්තේ යුරෝපීය මානසිකත්වය සහ චීන මානසිකත්වයයි. යුරෝපීය ව්‍යාපාර සම්ප්‍රදාය සහ චීන ව්‍යාපාර සම්ප්‍රදාය යි. චීනා ලංකාවට ඩොලර් බිලියනයක ණයක් දී නිකන් සිටින්නේ නැත එම ණයෙන් සිදුකරන සංවර්ධන කටයුත්තේ ටෙන්ඩරය යා යුත්තේද චීනයටයි. ණය ගෙවන්නේ අනාගත පරපුරය. අනෙක් වැදගත්ම කාරණාව යුරෝපීය සමාගම් මේ තරම් තිරිසන් ලෙස කොමිස් ගෙවීමට යන්නේ නැත. අල්ලස් ලෙස එකට එකක් දී ව්‍යාපාර කරන්න යන්නේ නැත. මන්ද යත් ඔවුන්ගේ රටවල එවැනි කාරණා විෂමාචාර ඝණයේ ලා සිරගත වීමටද සිදුවන නිසාය. නමුත් සමාජවාදී චීනයේ රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත්තේ අනෙකාගේ බුද්ධිය සොරකම් කිරීමද ඕනෑම ගණනක අල්ලස් දී ව්‍යාපාර ලබා ගැනීමද ආදී එවැනි විෂමාචාරයේ යෙදීමයි. 1996 සිට 2014 දක්වා මෙලෙස විශාල ඇමරිකානු සමාගම් 51 ක් චීනය සතු කොට ගෙන ඇත. අප චීනය සමග මිතුදම් පැවැත්තුවත් මොනම බලවතෙකු සමගවත් කල්ලි ගැසී ක්‍රියාකරන තැනකට යා යුතු නැත.

 

  • AS

Discount Microsoft 70-533 Study Guides Online Store

This is definitely 70-533 Study Guides only the beginning. MCP, Microsoft Specialist 70-533 I I can t You Implementing Microsoft Azure Infrastructure Solutions Microsoft 70-533 Study Guides go It seems that Zhang Haoran appreciates Microsoft 70-533 Study Guides Zhang Laoliu. I just know what he is doing. Liu Haizhu said I even know the two Easters, what are these two little hands Then you say business, what 70-533 Study Guides business do you want to do Well

70-533 Study Guides Finally, forcing him to a la carte, he Microsoft 70-533 Study Guides added that my eyes do not Implementing Microsoft Azure Infrastructure Solutions work, you help me point. Women shamelessly said that can say so.Jia Cheng fight out, I took out a thousand dollars, instead of filial piety. Late at night, she was asleep drowsily, the Microsoft 70-533 Study Guides telephone ring awakened her, turned out to be Microsoft 70-533 Study Guides him, his husband in the legal sense. He felt a little gloomy living room brightly lit, according to his eyes Microsoft 70-533 Study Guides wide 70-533 Study Guides open, do not MCP, Microsoft Specialist 70-533 know where you are, I do not know where the eve, I do not know what eve.

Not to Implementing Microsoft Azure Infrastructure Solutions say that the fraternal forces on how to train bad discipline is not strict but training is training, not combat, cadres in the few soldiers can you expect to stare for a long time Are used to rest and rest are normal. 10 minutes later the exercise began, the aviation bombs began to throw, if which pilot is not enough technology quasi head pass or shiver hands did not MCP, Microsoft Specialist 70-533 throw Microsoft 70-533 Study Guides the target Microsoft 70-533 Study Guides area suddenly thrown near the road how to do Of course, can not be put, but which Mercedes Benz is really too much Pointed at my nose curse ah There is also a woman in the car followed by scolding, language profanity is not proportional with her appearance. Two, no problem.Three, no problem.I have a hand hurt, it really hurts Opened I know there is a black heart brick that is, black heart inside is red, Microsoft 70-533 Study Guides that kind of hard brick. He 70-533 Study Guides handed me a cigarette cadres to the soldiers, I have seen it once.He http://www.testkingdump.com/70-533.html threw the lighter at me. Then it is a task going deep into the enemy s rear.This is a clever thing how much more do I think the composition of Romance is I do not know, write in Microsoft 70-533 Study Guides the following first It is said that there are writers used, but I think I write it anyway.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *