කලාපීය බල කණ්ඩායමක් ලෙස ගොඩනැගීම අන්තවාදීන්ගේ උත්සහායයි-මහාචාර්ය දයා අමරසේකර

වසර 30 ක යුද්ධයකින් මෙරට දේශපාලන, ආර්ථික හා සමාජීය ක්ෂේත්‍රයන් හි බිඳවැටීම් සමනය වෙමින් පැවති සාමකාමී ස්වරූපය පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සමග යලි කනපිට පෙරලී ඇත. සමස්ත දේශපාලන යාන්ත්‍රණය කෙරෙහි ජනතා විශ්වාසය අන්කවරදාටත් වඩා බිඳවැටී තිබේ. රාජ්‍ය අංශය පමනක් නොව පෞද්ගලික අංශයේ මහාපරිමාන ව්‍යාපාරිකයාගේ සිට සති පොලෙහි වෙළඳාමේ නිරත සුළු ව්‍යාපාරිකයාද මෙම අනර්ථයට මුහුන දී සිටිති. මේ සියළු දෙයට වඩා සමාජීය වශයෙන් ශ්‍රී ලාංකේය ජාතියට එල්ල වී ඇති බලපෑම සුළුපටු නොවේ. මෙවැනි අන්තවාදයක් ශ්‍රී ලංකාව තුළ කෙසේ පෝෂණය වුවාද? ඊට ගොදුරු බවට පත්වූන් තුළ යලි විශ්වාසය ගොඩනංවන්නේ කෙසේ ද? මේ පිලිබඳව Colombo Gazette වෙත අදහස් දැක්වු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය දයා අමරසේකර මහතා.

කුමක්ද මේ ලෝක ව්‍යාප්ත ඉස්ලාමීය අන්තවාදය කියන්නෙ?

සත්‍ය අමිහිරි වුනත් කිව යුතුයි ලෝකයේ ප්‍රවණතාව තමයි මුස්ලිම් බල කණ්ඩායමක් ලෝකයේ බිහිවෙලා තියෙනවා. මුස්ලිම් අයට යම් කිසි මතවාදයක් ගොඩ නැගිලා තියෙනවා ලෝක මට්ටමින් අපි බලයක් ගොඩනැගිය යුතුයි කියලා .චීනය ඉන්දියාව වැනි රටවල් දඅ ලෝකයේ බලවත්ව නැගී සිටින රටවල්. ඒ දිහා බලාගෙන මුස්ලිම් මතවාදයක් ගොඩනැගිලා තියෙනවා අපිත් ලෝකයේ බල කණ්ඩායමක් ‍ලෙස සංවිධානය විය යුතුයි කියලා. ඒකට දිරිදෙන දේශපාලන ප්‍රවාහයන් මැදපෙරදිග රටවල් වල දක්න ලැබෙනවා. මෙන්න මේවගේ ප්‍රතිපලයක් ලෙස අර අන්තවාදය ‍‍ ගොඩනැගිලා තියෙනවා. මුස්ලිම් ආගමේ තියෙන යම් යම් නියතීන් පදනම් කරගෙන අන්තවාදය ගොඩනැගිලා තියෙනවා. ඒක හරියට අපේ සමාජයේ 71 සිදුවු කැරැල්ල වගේ. ඒ කැරැල්ල නිර්මාණය වුනේ සිංහල බෞද්ධ පවුල්වල දරුවන් තුළින් . ඒ වගේ ලොව පුරා ක්‍රියාත්මක මුස්ලිම් මුලධර්මවාදීන් විසින් අන්තවාදයක් ඇති කරලා තියෙනවා. ලෝකය මේකට අවශ්‍ය පදනම සකස් කරලා තියෙනවා. ලොව පුරා යම් යම් රටවල් ඒ තත්ත්වයට පත්කරගෙන තියෙන්නෙ. මේක හදිසි‍යේ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි. චීනය ,ඉන්දියාව වැනි රට වල් දෙපැත්තකින් නැගි එද්දි ඊට ප්‍රතිචාර ලෙස ශ්‍රී ලංකාව වැනි සුවිශේෂ කලාපයක පිහිටි රටවල් ආශ්‍රයෙන් එවැනි බලයක් වර්ධනය කරගන්න ඕන කියන චින්තනය ඔවුන්ට ඇතිවෙලා තියෙනවා.

දශක 3 ක යුද්ධයකින් පීඩාවට පත්වි සිටි ජනතාව ඉන් මිදිලා දශකයක් ගෙවුනු තැන නැවත එම පීඩනයටම ගොදුරු වෙලා නේද?

කලින් පැවති තත්ත්වය නෙමෙයි දැන් තියෙන්නේ.යුද්ධයකින් පිඩා විඳි ස්වරුපය නෙමෙයි මෙතන තියෙන්නේ. ඊට වඩා වෙනස්. නිශ්චිත හා සුවිශේෂි බල කණ්ඩායමක් හිස ඔසවලා තියෙනවා . කලින් තිබුනේ දේශපාලන අරමුණු මත ක්‍රියාත්මක වෙච්ච තත්ත්වයක් අද තියෙන්නේ බල අරමුණුක් අන්තවාදි ආගමික මුලධර්මවාදීන්ගේ ප්‍රතිපලයක් . මේක අපිට බලපාන්නේ අංශ කිහිපයකින්. මානසිකව විශාල වශයෙන් බලපානවා මිනිසුන් කඩා වැටිලා .මිනිස්සු ජීවත් වෙන්න ඕන කොහොමද ආගමානුකූලවද එහෙම නැත්නම් සමාජීය වශයෙන්ද කියන එක හිතන්න ඕන .අද සමාජයේ මිනිස්සු ආගම දිහා බලන්න ඕන දෘෂ්ටිය පිළිබදව යම් කිසි මතවාදයක් හැඟීමක් මේ ප්‍රහාරයත් සමග ඇති වුණා. අනෙක් පැත්තෙන් බැලුවොත් මේක අනතුරු ඇගවීමක් . මෙම ප්‍රහාරය රටේ පුද්ගලයින් අවදි කිරිමක් ඔවුන්ට රට ගැන හිතන විදිහ ගැන. ආර්ථික ,සමාජීයීය වශ‍යෙන් මෙම ප්‍රහාරය සමග හානි සිදුවුනා වගේම මිනිස්සු තුළ යම් කිසි පසුබෑමක් ඇති වෙලා තියෙනව. රට පිළිබදව සහ ජීවිතේ පිළිබදව .මොකටද අපි මෙහෙම ඉදලා, මේ රට මොකද්ද අන්න ඒක බොහොම හානිකරයි රටේ ප්‍රගතියට. ඒ මානසිකත්වය ඉවත් කරන්න හුගක් අමාරුයි.මොන සංවර්ධනය ගැන කථා කළත් ඒ කල කිරිම මිනිසුන්ගේ ඔළුවල පවතිනවා.

මෙම ප්‍රහාරයෙන් මානසික කම්පනයට පත්වු ජනතාව යළි සමාජගත කරන්නේ කොහොමද?

ආගමට යම් කිසි කාර්යක් කරන්න පුළුවන් .මොකද ආගම කියන්නේ සමාජ සුධාරක ආයතනයක් .මේ මිනිසුන්ට මානසික අස්වැසිල්ල අවශ්‍යයි. මානසික සුරකෂිතතාව හදාගන්න ආගම පාවිච්චි කරන්න පුළුවන් ‍.මේක ඉස්ලාම් අරගලයක් , ඉස්ලාම් ආගමට සම්බන්ධ එකක්. අපි හිතන්න ඕන අපිට වැදගත් මනුෂ්‍යයෝ කියන ආකල්පය. මනුස්සකම ඇතිකරන්න මිනිසුන්ගේ චින්තන රටාව සැදිය යුතුයි. මේක ආගමික ප්‍රශ්නයක් ,රටක ප්‍රශ්නයක් කලාපිය ප්‍රශ්නයක් ලෙස නොසිතා මනුස්සකම පිළිබදව සිතන්නට ඉඩ සැලැස්විය යුතුයි. මානසික පරිවර්තනයක් ඇති කළ යුතුයි. ඒ වගේම වික්ෂිප්තව සිටින ජනතාවට මානසික සැනැසිල්ලක් ලබා දිය යුතුයි. මේ සඳහා ගම් මට්ටමින් ,ප්‍රජා සංවිධාන මටිටමින් එකතුවෙලා අපි ඔක්කොම එකට සිටිමු යන චේතනාව ඇති කළ යුතුයි. නමුත් අද සමාජයේ පුද්ගලයන් සමාජ චල්‍යතාවය කියන එකේ තනියෙන් උඩට යන්න උත්සාහා දරන්නේ. අධ්‍යාපනය බැලුවත් එහෙමයි.මෙම රටාව වෙනස් කරලා සාමුහිකව සිතන්න පුළුවන් චින්තනයක් සමාජයේ ඇතිකලොත් අධ්‍යාපනය හරහා ප්‍රජා කණ්ඩායම් හරහා මේ ව්‍යසන තත්ත්වයෙන් හටගත් මානසික පීඩනය ගොඩක් දුරට අවම කරගන්න පුළුවන්

මේ ඛේදවාචකයෙන් මානසික වශයෙන් ඇද වැටුනු දරුවන්ට යළිත් මෙවැනි දෙයක් ඇති නොවන බවට තහවුරු කරන්න ,ඒ අයගේ මානසිකත්වය ගොඩනගන්න සමාජය කොහොමද කටයුතු කරන්න ඕන?

ආදරය ,රැකවරණය ඔවුන්ට දෙන්න පුළුවන් ශක්තිමත් මව්පිය පදනමක් හෝ මව්පියන් අහිමි නම් සංවිධාන පදනමක් ගොඩනැගිය යුතුයි.ඔවුන්ට අවශ්‍ය භෞතික පහසුකම් දීමෙන් පමණක් සෑහිමකට පත් නොවී ඊට වඩා ආදරය රැකවරණය ලබාදෙන්න පුළුවන් ආයතනික ව්‍යුහයක් නිර්මාණය කළ යුතුයි.අංග විකල තත්ත්වයට පත්වෙලා ඉන්න ළමයි කෙරෙහි දීර්ඝ කාලීන අවධානයක් ලබා දිය යුතුයි. මේකට ශක්තිමත් පදනමක් ඇති ව්‍යුහයක් සෑදිය යුතුයි.ඔවුන්ගේ දුක සැප බැලිමේදි දැනට වඩා ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් එක්ක ඔවුන්ට අධ්‍යාපනයක් දෙන්න ඕන .ඔවුන් එක තැන ගාල් නොකර විධිමත් අධ්‍යාපන ක්‍රමයක් දැනට තියෙන පාසල් අධ්‍යාපනයට පරිභාහිරව ක්‍රියත්මක කළ යුතුයි. එවිට දෙමව්පියන්ගෙන් අහිමි වෙච්ච ආදරය ,දෙමාපියන් නැතිකමින් ඇතිවෙච්ච කම්පනය තුරන් කිරිමට හැකිවෙයි.

පාසලට මේ කාර්යයේදී විශාල වගකීමක් තියෙනව නේද ?

පාසල කියන ආයතනය තුල කණ්ඩායමකට විශේෂත්වයක් දක්වන්න බැහැ කියන මුලධර්මය අධ්‍යාපනය ගොඩනැගිලා තියෙනවා. එවගේම මෙතනදි සමාජ මාධ්‍ය විසින් මේ බෝම්බ ප්‍රහාරය ,මිනිසුන් කෑ ගැසිම වැනි දේ පෙන්වීම නැවැතිවිය යුතුයි. දරුවන්ගේ චිත්තවේදි කළමනාකරණයට ඒක හුඟක් බලපානව.ඒවගේම දරුවන් සමග ඒ සිදුවිම යළිත් කථා කිරිම සිදු නොකළ යුතුයි. ලෝකයේ කව්රුත් එකයි ළමයි අතර වෙනසක් නොදැක්විය යුතුයි. ඔවුන් සමග අත්දැකීම් ‍බෙදාගන්න පුළුවන් ගුරුවරුන් සිටින්නට ඕන .
ඒ වගේම භාරකරුවන් ඉන්නව නම් ඒ අය පාසලට ගෙන්වලා ඔවුන් තුළත් හැඟිමක් ඇති කළ යුතුයි දරුවා පිළිබඳව පාසල් ගුරුවරුන් අවධානයෙන් සිටින බවට. ඒ පිරිස අතරත් එම ශක්තිය ඇතුලත් කළ යුතුයි. ඒ වගේම විෂය කරුණුවලට පරිබාහිරව ගුරුවරුන්ට විශාල වැඩකොටසක් තියෙනවා මේ වගේ ප්‍රහාරවලට ලක්වෙච්ච දරුවන් අනෙක් දරුවන් සමග එකතු කිරිමේ ක්‍රියාදාමය ගැන.

ජාතිකත්වයන් හා ආගම් වශයෙන් වෙන්කොට පාසල් බිහිවීමත් ජාතින් අතර අසමගිය වර්ධනය විමට හේතුවක්ද?

ඒක ඇත්තටම සුදුසු නැහැ කියලා හොදටම පැහැදිලියි දැන් .ඒක ආරම්භ කලේ ජාතින් බෙදා වෙන් කිරිමේ පදනමින් නෙමෙයි. එය ආරම්භකලේ විෂය මාලාව පිලිබඳව සැලකිල්ලට ගනිමින්. උදාහරණයක් වශයෙන් ගත්තොත් මුස්ලිම් ළමයකුට සිංහල පාසලකට ඇවිල්ල ඉගෙනගෙන ආගමික වතාවත් කරන්න බැහැ. ඒකට මුස්ලිම් පල්ලි අවශ්‍ය වෙනවා ඒ දේවල් නිසා මුස්ලිම් පාසල් ආරම්භ කලේ. නමුත් අද ජාතින් අනුව පාසල් වර්ගිකරණය කිරිම තුළින් වෙන හානිය තමයි අපි වෙනම කොටසක්ය,අපි වෙනම බල කණ්ඩායමක් වශයෙන් නැගි සිටිය යුතුය යන් චින්තනය බිහිවීම.

සංවාදය- වරුණි පෙරමුණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here