Sun. Aug 25th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ජිහාඩ් ත්‍රස්තවාදය පරාජය කිරිමට සුදානම් -අගමැති

ජිහාඩ් ත්‍රස්තවාදය පරාජය කිරිමට සියලු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කිරිමට සුදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත් මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් කරමිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ විශේෂ ප්‍රකාශය මෙසේය

ඊයේ අයිඑස්අයිඑස් නායක අබු බකර් අල් බග්දාදි වසර 4කට පසුව වීඩියෝවක පෙනී සිටිමින් ප්‍රකාශයක් නිකුත් කළා. මේ ප්‍රකාශය පිළිබඳව විදේශ බුද්ධිඅංශ තවදුරටත් පරීක්‍ෂණ පවත්වනවා.එහිදී ඔහු සඳහන් කළේ ඔවුන් සතුව තිබූ අවසන් බලප්‍රදේශය වූ සිරියාවේ බග්ගුස් නගරය කුර්දි ප්‍රමුඛ මිත්‍ර හමුදා අල්ලා ගැනීමට පළිගැනීමක් ලෙස මේ ප්‍රහාරය එල්ල කළ බවයි.

ශ්‍රී ලංකාවේ කිතුනුවන්ට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවද අල් බග්දාදි කිව්වා. ඔහු ප්‍රකාශ කළ තවත් කරුණක් වූයේ ලැබෙන ඕනෑම අවස්ථාවක ලෝකයේ ඕනෑම රටකට ප්‍රහාර එල්ල කිරීමට තමන් සූදානමින් සිටින බවයි.

මෙය මුළු ලෝකයටම අනතුරුදායක ප්‍රකාශයක්. ඒ නිසා අපි අපේ රටේ ආරක්‍ෂක විධිවිධාන තර කළ යුතුයි.
පාස්කු ඉරිදා මේ ප්‍රහාරය සිදුවූ සැණින් අප මේ සම්බන්ධ කඩිනම් පියවර ගත්තා. සිදු වූ අඩුපාඩු ගැන වාද විවාද කරමින් හිඳීම වෙනුවට මම අනුගමනය කළේ තත්වය සමනය කොට රටේ ජනතාවගේ ආරක්‍ෂාව වෙනුවෙන් ප්‍රමුඛත්වය ලබා දීම සඳහා පියවර ගැනීමටයි.

ඒ අනුව මේ වන විට ප්‍රහාරයට ඍජුවම සම්බන්ධ බොහෝ දෙනෙක් නීතියේ රැහැනට කොටු කරගන්නට ආරක්‍ෂක අංශ සමත් වී තියෙනවා. ඉදිරි ප්‍රහාරයන් සඳහා යොදා ගැනීමට බලාපොරොත්තුවුණු පුපුරන ද්‍රව්‍ය හා වෙනත් උපකරණ රාශියකුත් සොයා ගැනීමට හැකි වුණා.

තවත් තොරතුරු රාශියක් අනාවරණය වී තිබෙනවා. නමුත් ඒවා මේ අවස්ථාවේ ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම සුදුසු නැහැ. අපට ඉතා කෙටි කලක් තුළ මේ සියල්ල කළ හැකි වුණේ අපේ බුද්ධි අංශ සහ ආරක්‍ෂක හමුදා දැක්වූ නිපුණත්වය නිසායි.
අපේ බුද්ධි අංශවල දස දහසකට වැඩි දෙනෙක් ක්‍රියාත්මක වෙනවා. ආරක්‍ෂක හමුදාවල ලක්‍ෂයකට අධික පිරිසක්. මේ සියල්ල සිය කටයුතු නිසි පරිදි සිදු කරනවා. ඒ නිසා අපි ළඟදීම මෙයට සම්බන්ධ ඉතිරි කීප දෙනාත් අල්ලා ගන්නවා.
නමුත් ඒ සියල්ල අල්ලා ගත්තත් අනතුර පහව යන්නේ නෑ. අල් බග්දාදිගේ ප්‍රකාශය අනුව ඔවුන් කුමනාකාර පසුබෑමකට ලක්වුණත් ඉදිරියටත් ලෝකයේ තැන තැන මෙවැනි ප්‍රහාර සැලසුම් කරන බව පෙනී යනවා.

මෙහිදී කළ යුත්තේ මුළු ලොවම එකක් හැටියට මේ ජිහාඩ් ත්‍රස්තවාදයට මුහුණ දීමයි. ඒ නිසා ත්‍රස්තවාදයට විරුද්ධ සියළු රටවල් සමග සහයෝගයෙන් ඉදිරි වැඩ කටයුතු කරන්නට අප බලපොරොත්තු වෙනවා. බුද්ධි තොරතුරු හා විශේෂඥ දැනුම බෙදා හදා ගන්න අප බලාපොරොත්තු වෙනවා.

ඒ විතරක් මදි. රටක් හැටියට මේ අවස්ථාවේ අපි එකට එක්ව කටයුතු කළ යුතුයි. අපේ ආරක්‍ෂාව දේශීය හා විදේශීය යන සියළු පාර්ශවයන්ගෙන් ශක්තිමත් කරගත යුතුයි. කිසි විටෙක ආරක්‍ෂක හිදැස් ඇති නොවීමට වග බලා ගත යුතුයි.
බොර දියේ මාළු බාමින්, මේ අසීරු අවස්ථාවේ තම තමන්ගේ දේශපාලන ව්‍යාපාර වල යෙදෙන ව්‍යාජ දේශප්‍රේමීන් හා ඔවුන්ට සම්බන්ධ ජනමාධ්‍ය පිළිබඳවත් අපි අවධානයෙන් සිටිය යුතුයි.

මේ අයට අවශ්‍යව ඇත්තේ වෙසක් දිනයට කලින් මේ රටේ ආගමික ගැටුමක් ඇති කරන්නයි. වෙසක් උත්සවය කඩාකප්පල් කරන්නයි. ඔවුන් ඒ සඳහා පසුබිම සකස් කරමින් සිටින බව මම වගකීමෙන් කියනවා.
පසුගියදා කැබිනට් රැස්වීමේදී මම නිකාබ් ඇඳුම් තහනමට විරුද්ධ වුණා කියා සමහර ජනමාධ්‍ය විශාල ඝෝෂාවක් කළේත් ඒ සැලැස්මට අනුවයි. ඇත්ත වශයෙන්ම මුස්ලිම් ආගමික නායකයන් කළ මේ යෝජනාවට මුළු කැබිනට් මණ්ඩලයම එකඟවුණා. නමුත් ජනමාධ්‍ය කළ මේ බොරු ප්‍රචාරයට අපේ සමහර ගිහියන් පමණක් නොව ආගමික නායකයිනුත් රැවටුණා. එයින්ම පැහැදිලි වෙනවා මෙවැනි අවස්ථාවක ජනමාධ්‍ය වගකීමෙන් තොරව කටයුතු කිරීමේ පල විපාක. වෙසක් දිනයේ වටිනාකම නොදන්නා, වෙසක් උත්සවය කඩාකප්පල් කිරීමට සැරසෙන මෙවැනි ජනමාධ්‍ය අදහන්නේ කුමන ධර්මයක් දැයි මට හිතාගන්නට අමාරුයි.

මෙය සාමාන්‍ය අවස්ථාවක් නෙවෙයි. ගෝලීය ත්‍රස්තවාදයට අප ගොදුරු වූ අවස්ථාවක්. ඉදිරියටත් ගෝලීය ත්‍රස්තවාදයේ අනතුරට මුහුණ පෑමෙන් වැළකීමට අප සූදානම් විය යුතු අවස්ථාවක්. එවන් අවස්ථාවක ආගමික ගැටුම් හා වාර්ගික ගැටුම් ඇතිකරලීම සඳහා බොරු ප්‍රචාර පතුරවන පුද්ගලයන් හා ජනමාධ්‍ය පිළිබඳව දැඩි පියවර ගැනීමට අපට සිදුවෙනවා. මේ අවස්ථාවේ මම ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ විවිධ මාධ්‍ය ඔස්සේ කණට ඇසෙන දේ, ඇසට පෙනෙන දේ අමු අමුවේ විශ්වාස නොකර ඒ සියල්ල පිළිබඳව නුවණින් විමසා බලන ලෙසයි. ඉදිරියේ බෞද්ධ අපි ඉතා ඉහළින් සමරන වෙසක් දිනය එළැඹෙනවා. වෙසක් දිනය කල් දමන්නට පුළුවන් එකක් නෙවෙයි. වෙසක් දිනයේ අප දාන, ශීල, භාවනා ආදී වතාවත් සිදු කරනවා.

විහාරාධිපති ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳව තම තමන්ගේ දායක සභා සමග සාකච්ඡා කොට සුදුසු පියවර ගනීවි යැයි මා විශ්වාස කරනවා. ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ අවශ්‍ය උපදෙස් ලබා දීමට සූදානම්. මේ අවස්ථාවේ අප සියළු දෙනාම කළ යුත්තේ රට වෙනුවෙන් අත්වැල් බැඳගැනීමයි. රටේ ආරක්‍ෂාව තහවුරු කිරීමට ආරක්‍ෂක අංශ වෙත සහයෝගය ලබා දීමයි. මේ ත්‍රස්තවාදය පරාජය කළ හැක්කේ දේශීය හා විදේශීය වශයෙන් අප සියළු දෙනාම එකට එක්ව වගකීමෙන් කටයුතු කිරීමෙන් බව සිහියේ තබා ගැනීමයි.

ඒ නිසා ඒ වගකීම් සිහියේ දරාගෙන අපි සාමාන්‍ය පරිදි එදිනෙදා වැඩකටයුතු ආරම්භ කරමු. විමසිල්ලෙන් ක්‍රියා කරමු. ආරක්‍ෂක අංශ ඔබේ යහපත වෙනුවෙන් ඇප කැපවී සිටිනවා.

Microsoft 70-462 Lab Manual PDF : Administering Microsoft SQL Server 2012 Databases

The TV newspaper has rendered my birth story. I http://www.passexamcert.com looked up and watched them run out one by one. I Administering Microsoft SQL Server 2012 Databases Microsoft 70-462 Lab Manual PDF saw a Microsoft SQL Server 2012 70-462 lot of people, many people with bones left, and some Microsoft 70-462 Lab Manual PDF people with flesh, walking around there. 70-462 Lab Manual PDF Alice, don t say it, stop. I owe you Microsoft 70-462 Lab Manual PDF an apology. Yes, this is the dress she wants me to wear.

Microsoft 70-462 Lab Manual PDF Then you may be asked to change the sedan or replace it with a layer of taffeta.You 70-462 Lab Manual PDF will serve Little grandma, I can not ride a car. He then took Tseng Kuo fan s hand and said in a loud voice Go to the house and make a few small Administering Microsoft SQL Server 2012 Databases knocks Zeng Guofan shouted Warrior, quickly let go You want to break my hand fails Liu Heng heard these words, know that surnamed Bao s man shot too heavy, ran over to Laubao Chao, Bao Chao but loosely hand early, threw himself on Microsoft 70-462 Lab Manual PDF his knees authentic Bao Chao Xingji, no stranger. Microsoft SQL Server 2012 70-462 Urine pants Xiao Microsoft 70-462 Lab Manual PDF Er still laughed and said The small number of these few days can be served without waiting for adults. Wen Ching said This matter, can only be a large forecaster supposed to do what I have to do, what can I say Marina Microsoft 70-462 Lab Manual PDF adults just tell. Today, the government does not pick your black yarn, once the adults will pick the house of Microsoft 70-462 Lab Manual PDF the black yarn on the difference had adults have commanded, will you do your text governor Yamen, that line dismissed.

Fortunately, do and have time to dispose of.He said, let s listen again.After listening to replay, he turned to hysterical scold her, the most ugly Microsoft 70-462 Lab Manual PDF he can think of the most coveted words, a splash on the Administering Microsoft SQL Server 2012 Databases head of small celery. The reason is that Microsoft SQL Server 2012 70-462 the beds in the shop are too small to show off their hands Microsoft 70-462 Lab Manual PDF and feet. These words seem to poke Wu boss pain, he was eager to excuse.Xiao Qinzi finishing her little satchel, said, sooner, 70-462 Lab Manual PDF I http://www.testkingdump.com/70-462.html m leaving. At the door, he said to her, I am waiting for Microsoft 70-462 Lab Manual PDF your news.He waved to see the taxi away.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *