Sun. Aug 25th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගැටළුවට විසඳුම ජාතික ආරක්ෂාවට පළමු තැන දීමයි – තිස්ස අත්තනායක

දීර්ඝ නිහැඬියාවකින් පසු යලි තිස්ස අත්තනායක යන නම කරලියට පැමිනෙන්නේ ඔහුට එරෙහිව එල්ල වී තිබු කූඨ ලේඛණ සැකසීම යන චෝදනා ඉවත් කරගැනීමත් සමගයි. පෙරගත් දේශපාලන තීන්දුවත් සමඟ,දේශපාලන වේදිකාව තුළ නොපෙනී ගිය තිස්ස අත්තනායක යලි පෙරලිකාර තීන්දුවක් සමග ක්‍රියාකාරී දේශපානයට පිවිසීමට සූදානම්. සිය ඉදිරි දේශපානය ගමන්මග හා රටේ වත්මන් වාතාවරණය පිලිබඳව Colombo Gazette Sinhala සමග ඔහු මෙසේ අදහස් දැක්වීය

චෝදනාවලිනුත් නිදහස් වෙලා ඔබතුමා මේ දිනවල මොකද කරන්නෙ?

රටේ දේශපාලන තත්ත්වයන්වලට නම් ක්‍රියාකාරිව සම්බන්ධ වෙන්නෙ නැහැ .නමුත් සිද්ධවෙන දේවල් දිහා විමසිලිමත්ව බලාගෙන සමාජ කටයුතු කරගෙන ඉන්නවා.

යළි ක්‍රියාකාරී දේශපාලනයට එන්න මේ හොඳ කාලයක් නේද ?

ඉතාමත් පැහැදිලියි මොකද මම පසුගිය කාලයේ ටිකක් පැත්තකට වෙලා හිටියේ මේ නඩුව තිබෙන නිසාත් දේශපාලනයෙන් විශාල බලපෑම් එල්ලවන නිසාත් .‍කොහොම වුනත් මම දැන් නිදහස් . අධිකරණය මට ඒ නිදහස ලබා දුන්න නිසා ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවේශ වෙන්න හොඳ අවස්ථාවක් .ඒකට මං හිතන්නේ ඉදිරි ජනාධිපතිවරණය තමයි හොඳම වෙලාව .ඉදිරි ජනාධිපතිවරණය එක්ක නැවත මගේ ආගමනය සිදුවේවි.

රටේ උද්ගත වෙලා තියෙන නොසන්සුන් තත්ත්වයත් එක්ක දේශපාන තීන්දු ගැනීමෙදි දෙවරක් සිතිය යුතු කාලයක් නේද එළඹිල තියෙන්නෙ? ඔබතුමාගේ නව දේශපාලන ගමන් මග තීරණය කිරීමේ දි මේ ගැනත් හිතන්න වෙයි නේද?

ඉතාමත් පැහැදිලියි මොකද හේතුව අද මේ රටේ පවතින ආරක්ෂාව බිඳ වැටීම ඒ වගේම රටේ පවතින දේශපාලන අස්ථාවරත්වය ආර්ථික අසීරුතා මේවා දිහා බලපුවම ඇත්තටම රටේ මහජනතාව ඉන්නේ විශාල පිඩනයක.මේකට හැම කෙනාම වගකියන්න ඕන පහුගිය කාලයේ ආරක්ෂාවේ බිඳ වැටීම සිද්ධවෙච්ච දේවල් ගත්තොත් ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් දෙගොල්ලොම වගකියන්න ඕන.මේකෙන් කාටවත් ඇගිල්ල දික්කරලා ඈත්වෙන්න බැහැ ඒ වගකීම ගැන මහජනතාව විමසිල්ලෙන් ඉන්නෙ .මිනිස්සුට ඕන රටේ දේශපාලනය සහ ජාතික ආරක්ෂාව ගොඩනගන්න.ඒ වෙනුවෙන් එන අනාගත වැඩපිළිවෙලට සක්‍රීය දායකත්වය දෙන්න මම සුදානම් . මම දේශපාලන වශයෙන් කුමන ස්ථාවරයකින් ක්‍රියාකරනවාද යන්න තාම අවසන් වශයෙන් තිරණය කරලා නැහැ.නමුත් මගේ තීරණයේ පළමු තැන රට වෙනුවෙන් දෙවනුව තමයි මගේ දේශපාලනය ඒ ස්ථාවරත්වයේ සිට අනාගතයේ මම වැඩ කරන්න සුදානම්.

මේ වන විට උද්ගතවෙලා තිබෙන රටේ අනාරක්ෂිත තත්ත්වයට සැබැවින්ම වග කිව යුත්තෝ කව්රුන් කියලද ඔබ හිතන්නෙ?

මේ වගකීමෙන් කාටවත් බැහැර වෙන්න බැහැ. මිනිස්සු ආණ්ඩුවක් පත්කරගන්නේ නිදහසට කරුණු කියන්න නෙමෙයිනෙ. මිනිස්සු ආණ්ඩුවක් පත්කරගන්නෙ රටේ ජාතික ආරක්ෂාව ගැන වගකියන්න. රටේ ආර්ථිකය ගැන ,මහජනතාව ගැන, අනෙකුත් වැඩ කටයුතු ගැන වගකියන්නනෙ ආණ්ඩුවක් පත්කරගන්නේ. ඒ අයට කියන්න බැහැ මට කැඳවීම් නැති නිසා එන්න විදිහක් තිබුනෙ නැහැ , මම දන්නෙ නැති නිසා ඒක වුනේ නැහැ ,වාර්තා කරපු නැති නිසා මට ඒක ගැන පියවරක් ගන්න බැරිවුනා වගේ දේවල් ගැන කියන්න බැහැ. මට හි‍තෙන්නේ මේ තත්ත්වය හරිම දුර්වලකමක් . ජනතාව මේ අය පත්කරන්නේ කාලගුණය දේශගුණය හා වෙනත් කාරණා තීරණය කරන්න නෙමෙයි. ආණ්ඩුවක් විසින් ජනතාව බලාගන්න ඕන ඒක තමයි මුලික වගකීම . පහුගිය සිදුවීම් ගත්තම ආණ්ඩුවක් හැටියට මේ වගකිමෙන් බැහැරවුන බව පේනවා. ඒක ජනාධිපතිවරයාද අගමැතිවරයාද කියලා වෙන් කරන්න බැහැ. ඒ දෙගොල්ලොම එකම ජනවරමින් බලයට පත්වුණු අය . ඒ නිසා මේ සියලු පාර්ශව මේකට වගකියන්න ඕන.ඉන් පහළට යනකොට ආරක්ෂක ලේකම්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ලොකු අඩුපාඩුවක් සිදුව තිබෙනවා.

මේ කාල වකවානුවේ සෑම දේශපාලන පක්ෂයකම වාගේ අර්බුද මතුවෙලා තියෙනවා. එකිනෙකාට චෝදනා එල්ල කරගන්නවා.මේ ගැන මොකද හිතන්නෙ?

ඇත්තටම ජාතික ආරක්ෂාව පළමු තැනට ගැනීමට සියලු දේශපාලන පක්ෂවලට වගකීමක් තියෙනවා. ඒ වගකිමෙන් බැහැරවිම නිසයි මේ ප්‍රශ්න මතුවෙලා තියෙන්නෙ. ලංකා ඉතිහාසයේ මෙවැනිම ගැටුම්කාරි අර්බුදකාරි තත්ත්වයන් අපි දැකලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමි ව්‍යාපාර පැවති කාලයේ රටේ ලොකු කඩා වැටීමකට ලක්වුණා.එවැන්නකම් එල්.ටී.ටී.ඊ ත්‍රස්ත ක්‍රියා නිසා රටේ දරුණු තත්ත්වයක් නිර්මාණය වුණා. මේ සියල්ලටම අපිට මුහුණ දෙන්න ශක්තියක් ලැබුණා. ඒ තමයි රටේ ආරක්ෂාවට මුලිකත්වය දීලා ක්‍රියා කිරිමට හැමදෙනාම වගකීමෙන් කටයුතු කිරිම. වත්මන් තත්ත්වයට මුහුණදෙන්නත් සියලු දෙනා වගකීමෙන් ක්‍රියා කරන්න අවශ්‍යයි. අරමුණු බලාපොරොත්තු අපේක්ෂාවන් ඕන තරම් තියෙන්න පුළුවන්. එක පැත්තකින් දැන් බලන්න ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන ව්‍යපාරයට වගේම එක්සත් ජාතික පක්ෂයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන දේශපාලන පාර්ශවයට පමණක් නොවෙයි දැන් ජනතා විමුක්ති රෙමුණටත් චෝදනා එල්ලවුණා. එක සැකකරුවෙක් ඔවුන්ගේ සාමාජිකයෙක් කියලා.මම කියන්නේ එකිනෙකාට ඇඟිල්ල දික් කරන එක නතර කරලා දැන් කරන්න තියෙන්නේ සාමුහිකව ජාතික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරිම ,ජාතික අරමුණකින් ක්‍රියා කිරීම ,ඒ සඳහා අවංකව ක්‍රියා කලේ නැත්නම් අමරුවේ වැටෙන්නෙ රටයි ,ජනතාවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට නියත වශයෙන්ම තරඟ කරනවා කියලා ප්‍රකාශ කලා. මේ ආගමනය දේශපාලනයේ නව පෙරළියක් වෙයිද?

මාධ්‍ය වාර්තා කරලා තිබුණා මමත් දුටුවා ගෝඨාභය රාජපක්ෂ මහතා නියතවශයෙන්ම ජනාධිපතිවරණයට තරඟ කරනවා කියලා. ඒක ඔහු නියෝජනය කරන දේශපාලන පක්ෂයේ තීරණයක්නෙ. නමුත් රටෙත් මේ ගැන කථාවෙනවා. මොකද පහුගිය කාලයේ මම දුටුවා වාද , විවාද, ගුණ අගුණ නොයෙක් දේවල් දේශපාලන පොරපිටියේ වේදිකාවල සාකච්ජා වුණා. මම නම් පෞද්ගලිකව ගෝඨාභ රාජපක්ෂ මහතා දැකාලා තිබෙන්නේ දේශපාලඥයෙක් විදිහට නෙමෙයි . මම ඔහු දැක්කෙ රාජ්‍ය නිලධාරියෙක් හැටියට. ආරක්ෂක ලේකම් වරයා හැටියට,නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විදිහට මම එහිදි දැක්ක දෙයක් තමයි ඔහු කාර්යක්ෂම නිලධාරියෙක් බව. නමුත් දේශපාලඥයෙක් ලෙස ඔහුගේ ක්‍රියාකාරිත්වය ගැන තක්සේරුවකට එන්න මට තවම බැහැ. මිනිස්සු ඒ විශ්වාසය මත ඔහු ගැන යම් යම් හැගිම් ඇතිකරගෙන සිටින බව පේනවා. හැබැයි අපි දන්නෙ නැහැ ඔහු සමග තරඟ කරන්න එන අනෙක් පුද්ගලයා කව්ද කියන එක. ඒ ප්‍රතිවාදි අපේක්ෂකයා ගැනත් හිතලා අපිට තක්සේරුවකට එන්න පුළුවන් කව්ද රටට සුබදායි පුද්ගලයා කියලා.

 

සංවාදය-වරුණි පෙරමුණ

100% Pass Guarantee CSSBB Certification Exam For ASQ Certification

When we learned to tell, we were entangled when we were fully realized, it was too late to start from scratch. The first reason is somewhat thin but it sounds natural. Of course, all http://www.passexamcert.com these thoughts are also in the dark. But over time, everyone saw him answering all the time and again, Vientiane became his ASQ CSSBB Certification Exam safe haven, and ASQ CSSBB Certification Exam found the flaws Six Sigma Black Belt Certification – CSSBB ASQ CSSBB Certification Exam he was fooling us, and began to be somewhat dissatisfied. But can you ASQ CSSBB Certification Exam ride a car and the power is in the hands of the driver So I was able to be a driver at the county station, and I was as good as ASQ Certification CSSBB a tractor of the Oriental Red tractor in the town s tractor station. I can t wait CSSBB Certification Exam for a moment. I want to live with you.

Li Jia cheng ebullience to ASQ CSSBB Certification Exam the opening speech, Christine Mastiff please come to join us very grateful welcome and said that the problem of a lack of a Six Sigma Black Belt Certification – CSSBB good solution, Rui Juan accompany everyone rub it. Graduate classes to graduate, like the birds ASQ CSSBB Certification Exam from the nest to fly ASQ CSSBB Certification Exam CSSBB Certification Exam CSSBB Certification Exam in all directions, to find food and new shelter. Zhen Yilong just whispered a few words to the deputy mayor and the owner of ASQ Certification CSSBB the Shangyuowin mandarin, and drove her back. For the first time as a diner, he studied Jia Baoyu s lip balm and her natural beauty.

Today, she will send her what she will send her tomorrow. In the Six Sigma Black Belt Certification – CSSBB past, CSSBB Certification Exam I always said Only women and villains are difficult to raise and they are children. At this time, Yan Niang CSSBB Certification Exam did not hesitate to say This meat is not eaten today, put it in May and say it again A scoop ASQ CSSBB Certification Exam of water completely destroyed the hope ASQ Certification CSSBB of ASQ CSSBB Certification Exam the two little scorpions.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *