Fri. Jul 19th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

ගින්නෙන් දැවී ගිය පැරීසියේ හදවත

ප්‍රංශයේ හදවත බඳු නොට්‍ර ඩෑම් දේවස්ථානය ගින්නෙන් දැවී ගියේ එරට පමනක් නොව ලෝකවාසී කිතුනුවන්ගේ සිත් සතන් සසල කරමිනි.

මේ මහත්වූ ඛේදවාචකය සිදුව පැය 24 ක් ඉක්ම යන්නටත් මත්තෙන් නොට්‍ර ඩෑම් දෙව්මැදුර යලි ගොඩනැංවීමට ප්‍රංශ වැසියන් අදිටන් කරගත්තේ පරාජය හමුවේ ලතැවීම නොව එය අභියෝගයක් කර යලිගොඩනැගීමට ප්‍රංශ ජාතිකයින් සතු අසීමිත ශක්තිය පිලිබඳ ලෝකයට ආදර්ශයක් වෙමිනි.

ඒ සඳහා ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන්ගේ දැක්ම සමස්ථ ප්‍රංශ ජාතියටම ශක්තියක් වී ඇති බව නොඅනුමානය.වසර පහක් තුළ නොට්‍ර ඩෑම් දෙවොල යලි ගොඩනැංවීම ප්‍රංශ ජනාධිපතිවරයාගේ අදිටනයි.

ජාතිය අමතමින් මැක්රෝන් ප්‍රකාශ කලේ 2024 පැරිස් ගිම්හාන ඔලිම්පික් තරගාවලිය ආරම්භ වන විට නොට්‍ර ඩෑම් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ද අවසන් කරන බවයි.

යලි ගොඩනැගෙන නොට්‍ර ඩෑම් දෙවොල පැවති එකට වඩා අලංකාර වනු ඇති බවටද ප්‍රංශ ජනාධිපතිවරයා විශ්වාසය පළ කලේය.ඔහු මෙම ව්‍යසනය හැඳින්වූයේ ජාතියක් ලෙස එක්ව නැගී සිටීමට දුන් අවස්ථාවක් ලෙසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ වසර පහක ඉලක්කය සපුරා ගැනීම ප්‍රශ්නාර්ථයක් බවට පත්ව ඇත්තේ නොට්‍ර ඩෑම් දේවස්ථානය යලි ගොඩනැගීමට දශකයට අධික කාලයක් ගතවනු ඇති බවට කළ පුරෝකතනයත් සමගයි.

නොට්‍ර ඩෑම් දැක ගැනීමට දශක කිහිපයක් ගත වෙනු ඇති බව වසර 1000 ක් පැරණි ස්ට්‍රාස්බර්ග් දේවස්ථානය ප්‍රතිනිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ ප්‍රධානී එරික් ෆිෂර් ප්‍රකාශ කර ඇත.තවත් විශේෂඥයින් පිරිසක් පුරෝකථනය කරන්නේ ඒ සඳහා වසර දහයත් පහලොවත් අතර කාලයක් ගතවිය හැකි බවටයි.

බොහෝ දෙනාගේ මත වී ඇත්තේ නොට්‍ර ඩෑම් දේවස්ථානය යලි ඉදිකිරීමට ඇති හැකියාව පිලබඳව සැකයක් නොමැති වුවද වසර පහක් වැනි කාලයක් තුළ එය සිදුකිරීම කිසිසේත් ප්‍රායෝගික නොවන බවය.

කෙසේ වෙතත් දේවස්ථානය යලි ගොඩනැගීම සදහා මේ වන විටත් අරමුදලක් පිහිටුවා තිබේ.එම අරමුදලට මේ වන විට එක්රැස් වී ඇති මුදල යුරෝ මිලියන 800 කට අධිකයි. ලොව පුරා ව්‍යාපාරිකයින් රැසක් ඊට දායක වීමට ඉදිරිපත්ව සිටිති.

මේ අතර නොට්‍ර ඩෑම් දේවස්ථානනයේ විනාශ වූ කොත ප්‍රතිනිර්මානය කිරීම සඳහා වන සැලසුම් ඉදිරිපත් කරන ලෙස ලොවපුරා සිටින ගෘහ නිර්මාණ ශිල්පීන්ට ආරාධනා කර තිබේ.

සඳුදා පස්වරුවේ හටගත් ගින්නෙන් වසර 850 ක් පමන පැරිණි නොට්‍ර ඩැම් දේවස්ථානයේ වහලය හා කොත සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර එහි ශෛලමය සැකිල්ලද අවධානමට ලක්වී ඇත.

දැවයෙන් නිමවූ අභ්‍යන්තර කොටසද සම්පූර්ණයෙන්ම ගිනිබත් ව ඇති අතර ගොතික් සම්ප්‍රදායට අනුව නිමවූ දේවස්ථානයේ කොත දැවී කඩාවැටුනු ආකාරය සියළු දෙනාගේ නෙතට කඳුලක් එක් කලේය.

ඓතිහාසික වටිනකමින් යුත් කෞතුක භාණ්ඩ රැසක් මෙම දේවස්ථානයේ තැන්පත් කර තිබිණි.ජේසුස් වහන්සේ කුරුසයේ ඇණ ගැසීමට ගෙන යන මොහොතේ හිස පැළඳූ බවට විශ්වාස කෙරෙන කටු ඔටුන්න, ජේසුස් වහන්සේ කුරුසයට තබා ගසන ලදැයි සැලකෙන ඇණයක්, නවවැනි ලුවිස් රජු ගේ ඔටුන්න සහ ඔහු හැඳ සිටි බවට සැලකෙන කබාය ද ඒ අතර විය.

කෙසේ වෙතත් ඒවා ගින්නෙන් බේරා ගැනීමට හැකිව තිබේ.දේවස්ථානයේ නිර්මාණය කරතිබූ ලොව ප්‍රකට රෝස කවුලු තුන ආරක්ෂා වී තිබුනද ගින්නෙන් ඇතිවූ තාපය හේතුවෙන් එහි ස්ථාවරත්වය එල්ල වී ඇති බලපෑම පිලිබඳ මේ දක්වා තක්සේරු කර නැත.දේවස්ථානයේ බටහිර කොටසේ ගොතික් සම්ප්‍රදායට අනුව නිමවූ මීටර් 68 ක් උස කුළුනු දෙක ගින්නෙන් ආරක්ෂා විය.විද්වතුන්ගේ මතය වී ඇත්තේ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති නොට්‍ර ඩෑම් දේවස්ථානයට ගින්නෙන් සිදුවූ හානිය මූල්‍යමය වශයෙන් තක්සේරු කිරීමට තවමත් කල් එලඹ නොමැති බවයි.

“Our Lady” යන ඉංග්‍රීසි තේරුම සහිත නොට්‍ර ඩෑම් දේවස්ථානය සැලකෙන්නේ පැරීසියේ ඓතිහාසක සලකුණක්    ලෙසය.

මෙම දේවස්ථානය හත්වන ලුවී රජ සමයේ එනම් ක්‍රිස්තු වර්ෂ 1163 වසරේදී ඉදිකිරීම ආරම්භ කලේය.
ගොතික් සම්ප්‍රදායට අයත් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් තුන්වන ඇලෙක්ස්සැන්ඩර් ශුද්ධෝත්තම පියතුමන්ගේද සහභාගීත්වයෙන් ආරම්භ වූ අතර එහි ඉදිකිරීම් අවසන් කිරීමට හැකිව ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 1345 වසරේයි.
මෙම දේවස්ථානය ඓතිහාසික සිදුවීම් රැසක් සමග බැඳීපවතින ස්ථානයක් ලෙස සැලකේ.

1431 වසරේදී එංගලන්තයේ හතරවන හෙන්ඩ්‍රි ප්‍රංශයේ රජුලෙස අභිෂේක ලබන්නේ නොට්‍ර ඩෑම් දේවස්ථානයේදීයි.
එමෙන්ම 1804 දී නැපෝලියන් බොනපාට් අධිරාජ්‍යත්වයට පත්වන්නේද මෙහි සිටය.එපමනක් නොව නූතන බටහිර සංගීතයේ ආරම්භය වෙනුවෙන් දැවැන්ත කාර්යභරයක් ඉටුකල ස්ථානයක් ලෙස ද මෙය හැඳින්විය හැක.

නොට්‍ර්‍ර ඩෑම් දේවස්ථානයේ මෙම සුවිෂේශීත්වය හේතුවෙන්ම වසරකට ලොව පුරා සංචාරකයින් මිලියන 13 ක් පමන මෙහි පැමිණෙති

එය යළිත් සියැසින් දැක ගැනීම ඔවුන් සියල්ලගේ අපේක්ෂාව වනු ඇති බවට සැක නැත.

  සටහන – වරුණි පෙරමුණ

Latest Release RedHat EX200 Exam Guide

If you don t RedHat EX200 Exam Guide come again, then I EX200 Exam Guide can only tie you to drink. Li Si shot too fast, everything happened between the electric RHCSA EX200 and the flint, and almost everyone did not respond to what was going on. How can these be used Even if it is useful, it is also when I went to the prince of the prince to report to the prince, saying My Red Hat Certified System Administrator – RHCSA wife is surnamed Zhou, and when he comes down, tell me, EX200 Exam Guide don t RedHat EX200 Exam Guide make a mistake.

The small space RHCSA EX200 does not allow RedHat EX200 Exam Guide Ning to do a long period RedHat EX200 Exam Guide of time. Can RedHat EX200 Exam Guide EX200 Exam Guide I know RedHat EX200 Exam Guide the name of my eldest brother My name is not kept secret. My surname is still famous. I will come back here because you have a waitress that makes me feel good Woman EX200 Exam Guide Ning An surprised himself and went to the table to accurately Red Hat Certified System Administrator – RHCSA pinch the three hundred dollars

Cook a pot of sweet potato hub or sweet potato cubes and treat http://www.testkingdump.com it as a family dinner. Every time Su Daqiang sees the number of the passbook after the wages are issued, the heart RedHat EX200 Exam Guide is sweet and sweet. When we look at the distance, they are the same. But the RHCSA EX200 bald old man is here again. Red Hat Certified System Administrator – RHCSA We heard the EX200 Exam Guide sounds of others when we didn t see other people. The next day, the village s old dog, the old RedHat EX200 Exam Guide dog, RedHat EX200 Exam Guide led a food vendor in the bull market to us.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *