Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

හිරිහැර වලට ලක්වු ගෘහසේවිකාවන් පිරිසක් දිවයිනට පැමිණෙයි

කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැර , කරදර වලට ලක් වූ කාන්තාවන් 26 දෙනෙකු අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

මොවුන්  තම සේවා කටයුතු වල නියැලී සිටියදී එම නිවෙස් වලින් මෙසේ හිරිහැර සිදුවීමෙන් පසු කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ තිබූ අතර පසුව ඔවුන් ” සුරක්ෂා” රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා ගෙන ඇත.

මොවුන් සියලු දෙනා තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පැමිණ ඇති අතර මෙරටට පැමිණීම සදහා ඔවුන්ගේ වියදමින් ගුවන් ටිකට් පත් ලබා ගෙන ඇත

මොවුන් අතුරින් 05 දෙනෙකු මෙරටට පැමිණෙන විටදීත් රෝගතුර ව සිටි බව වාර්තා වෙයි

මෙම කාන්තාවන්ට නිවෙස් බලා යෑමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් බස් ගාස්තු සදහා දීමනාවක් ලබා දී පිටත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: