ශ්‍රී ලංකාවේ සියළු පක්ෂ සමග කටයුතු කිරීමට සූදානම් බව චීනය කියයි

ශ්‍රී ලංකාවේ සියළු දේශපාලන පක්ෂ සමග කටයුතු කිරීමට සූදානම් බව චීනය පවසනවා.

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් සූයුවාන් මහතා ප්‍රකාශ කර ඇත්තේ එළඹි වසර තුලත් ශ්‍රී ලංකා රජයේ සියළු මට්ටම් සමග, සියළු දේශපාලන පක්ෂ සමග සහ සමස්ථ ශ්‍රී ලාංකිකයින් සමග එක්ව දෙරට අතර පවතින නොයෙක් ක්ෂ්‍රේතයන්ට අදාල සබඳතා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරන බවයි.

එළඹුනු සිංහල සහ දෙමල අලුත් අවුරුද්ද සමස්ථ ශ්‍රී ලාංකිකයින්ට සාමකාමී හා සෞභාග්‍යමත් එකක් වේවායි චීන රජය මෙන්ම සමස්ථ චීන වැසියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන බවද ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවසීය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකාවේ සංවර්ධනය හා ජනතා සුභසාධනය වෙනුවෙන් අඛණ්ඩව චීනයේ සහය හිමිවන බවයි.

නව වසර තුළ දෙරටේ මිත්‍රත්වය තුළන් වඩාත් ඵලදායී ප්‍රතිපල අපේක්ෂා කරන බවද චීන තානාපති චෙංග් සුයුවාන් මහතා පවසා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here