“රාවණ 1” ශ්‍රී ලාංකික චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි

ශ්‍රී ලාංකික ඉංජිනේරු සිසුන් දෙදනෙකු විසින් නිර්මාණය කරනු ලැබු ‘රාවණා 1’ චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව  ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 2.16 ට කක්ෂගත කිරීමට නියමිතයි.

එම චන්ද්‍රිකාව පසුගිය පෙබරවාරි 18 වන දා ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency – JAXA) වෙත භාර දී තිබේ

එය රැගත් රොකට්ටුව ඇමෙරිකාවේ වර්ජිනියාහිදී හෙට අලුයම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා යැවීමට සියලු කටයුතු යොදා තිබේ

නාසා ආයතනය නිවේදනය කරමින් කියා සිටින්නේ , රොකට්ටුව පිටත් කිරීම සඳහා යහපත් කාලගුණික තත්ත්වයක් පවතින බවයි.

නාසා ආයතනයේ Cygnus නමැති භාණ්ඩ ප්‍රවාහන අභ්‍යවකාශ යානය මගින් අදාළ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යන බවටද වාර්තා ‍වෙයි

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here