මහියංගනයේ අනතුරකින් 10ක් මරුට

මහියංගනය-බදුල්ල මාර්ගයේ  මහියංගනය මහා විද්‍යාලය ඉදිරිපිටදි වෑන් රථයක් හා බස් රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් වෑන්රථයේ ගමන් කළ පුද්ගලයන් 10 කු මියගොස් තිබේ.

අද අළුයම 1.30 ට පමණ දියතලාව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ පුද්ගලික බස් රථය වෑන්රථයක මුහුණට මුහුණ ගැටී මෙම අනතුරු සිදුව ඇති බව පොලිසිය පවසයි.

වෑන් රථයේ 12 දෙනෙක් ගමන්කර ඇති අතර අනතුරින් 10කු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවත් කාන්තාවන් දෙදෙනකු බරපතල තත්ත්වයෙන් මහියංගනය මූලික රෝහලට ඇතුලත් කර ඇත .

මිය ගිය අය අතර කුඩා ගැහැනු ළමුන් තිදෙනකු සිටින බවද අප කල විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේය .

මළසිරුරු මහියංගන මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

වෑන් රථයේ රියදුරාට නින්ද ගොස් මාර්ගයේ වැරැදි මං තිරුවට ධාවනය වීම නිසා මෙම අනතුර සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.

සිද්ධියට සම්බන්ධ බස්රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here