Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මධුෂ් සමග සිටි තවත් 6 ක් ලංකාවට

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හී දී අත්අඩංගුවට ගත් තවත් 6 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබේ.

අද අළුයම 4.45 ට පමණ මොවුන් පැමිණ ඇති අතර එහිදි ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත.

ඔවුන් අතර සෙනෙවිරත්න මාවතගේ දයාන් බුද්ධිම පෙරේරා ,මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් රියාස් , රණසිංහගේ සුරේෂ් වසන්ත, යොන් මෙරන්ග සයිමන් හේවගේ රෑපදාස,මොහොමඩ් ජබීර් මොහොමඩ් සහ සමරසිංහගේ නිලාන් රොමේෂ්  යන අය සිටිති.

අප කල විමසීමේදී  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ සමරසිංහගේ නිලාන් රොමේෂ් යන අය මාකඳුරේ මධුෂ් ගේ ඥාතියෙකු වන බවයි.

මේ වනවිට මොවුන්ගෙන් කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරිම් සිදු කරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: