අදත් තද වැසි

අදත්(16) දිවයිනේ පළාත් කීපයකට තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර හා වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්ක‍යේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.

ඉදිරි දින කීපය පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති වීමේ අවධානම ඉහළ මට්ටමක පවතින බව ද කාලගුණ අංශ නිවේදනය කරයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සහ තාවකාලිව තද සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

දිවයිනේ බොහෝ පළාත්වල අද දිනයේ සවස 2 න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here