Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

TNA ආණ්ඩුවට සහය දුන්නත් දමිළ ජනතාවට ආණ්ඩුව සහන දීල නැහැ: සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය පළ කළද දෙමළ ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා චෝදනා කරයි.

මෙවර අයවැය වෙනුවෙන්ද දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය දී තිබෙන අතර ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමට හැම විටම දෙමළ ජාතික සන්ධානය යොදා ගන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සඳහා පසුගිය කාලය තුළ දෙමළ ජාතික සන්ධානය යොදා ගත් අතර සුමන්තිරන් වැනි අය ඊට සහය දෙන බවද පවසන හිටපු මන්ත්‍රීවරයා ආණ්ඩුවට සහය දෙන අතර තුර බලපෑම් කරන බවට TNA කණ්ඩායම පැවසුවද ඉන් පලක් වී ඇත්ද යන්න සිතා බැලිය යුතු බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: