Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වැස්ස වැඩි වී හෙට සිට කාළගුණය වෙනස් වෙයි

හෙට (16) දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ බස්නාහිර පළාත්වලත්, අනුරාධපුර, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන එලෙස ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි ප්‍රකාශ කරයි.

මේ අතර අද (15) දිනයේද ප්‍රදේශ කිහිපයකට හිරු මුදුන් වන අතර ඒ අනුව දහවල් 12 යි 09ට සුරුවිල්, ආරියාලෛයි, මුහුමලේ සහ චැම්පියන්පත්තු යන ප්‍රදේශවලට හිරු මුදුන් වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: