ගතවු දින හතර තුළ බීමත් රියදුරන් 941 කු අත්අඩංගුවට

ගතවු දින හතර ඇතුළත දිවයින පුරා බීමත් රියදුරන් 941 කු අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාලය තුල රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ගලයින් 29461කුට එරෙහිව නඩු පවරාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

අලුත් අවුරුදු සමයේ රථවාහන වැරදි වැලැක්විම සඳහා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති අතර අද උදෑසන 6 න් අවසන් වු පැය 24 තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 170 කි.

බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here