Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

එජාපය ශ්‍රීලනිපය පොහොට්ටුව පක්‍ෂ තුනම කැළඹේ

එක්සත් ජාතික පක්‍ෂය ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන පක්‍ෂ වල මේ වන විට අභ්‍යන්තර අර්බුද හට ගෙන තිබේ.

මෙහිදී එජාපය තුල අගමැති වෙනසක් ඇති කල යුතුයි යන්න පසුගිය කාලය පුරාවටම කතාවට ලක් විය. එ අනුව පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා අගමැති ධූරයට මහින්ද රාජපක්ෂ මහතා පත් කළේය. මේ වන විට සැල වන දේශපාලන ආරංචි මාර්ග වල පවසේන්නේ නැවතත් එවන්වූ වෙනසකට ජනාධිපති සැරසෙන බවයි.

මේ නිසා එජාපය දැඩි ලෙස කැළඹී ඇති බව එජාපයේ සාමාජිකයකු අප සමහ පැවසුවේය. ඒ අනුව පැවසෙන්නේ නැවතත අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙනුවට එම පක්‍ෂයේම වෙනත් ප‍්‍රබලයෙක් අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීන්දු කර ඇති බවයි.

තත්වය එසේ තිබියදී ශ්‍රීලනිපය සහ පොහොට්ටුව ගොඩ නැගෙන නව සන්ධානයේ සාකච්චා තෙවරක් පවත් වුවත් ඒවායේ කිසිදු තීරණයකට එළඹුණේ නැත. ඉදිරි මැතිවරණයකදී ජයග්‍රහණය අපේක්ෂාවෙන් සහ බහුතර බලය වෙනුවෙන් නැවතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් මැයි මස 9 වනදා පැවැත්වීමට නියමිත බව පැවසේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බිහි කිරීමට නියමිත පුළුල් සන්ධානය සම්බන්ධයෙන් සාකච්ඡා වන්නි ප්‍රගතිය මෙහි දී සාකච්ඡා කරනු ඇත.

 

AS.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: