Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

සිංහලන්ගේ සහ දමිල හින්දුන්ගේ අළුත් අවුරුද්දේ ආරම්භය

කොහෝ නදින් භාග්‍ය සම්පන්න වූ කාලයක් වන කාලයක් වන මේ ‘බක්’ මස සංස්කෘත ක‍්‍රමයට අනුව චෛත‍්‍ර ලෙස හදුන්වයි. අපගේ පැරණි වංශකතාවලින් හෙළිවන තොරතුරුවලට අනුව පුරාණ ලංකාවේ අලුත් අවුරුදු උත්සවයක් පිළිබඳ තොරතුරු එතරම් වාර්තා නොවුවත් චන්ද්‍ර මාස ක‍්‍රමය පිළිබඳව සෙල් ලිපියක් පළමුව හමුවන්නේ කි‍්‍ර. ව. 12 වනි සියවසේ දීය.

ගඩලාදෙනිය සෙල් ලිපියට අනුව ශක වර්ෂ ක‍්‍රමය ලංකවට ලැබී ඇත්තේ 14 වන සියවසේ දී පමණය. නමුත් එය ආරම්භ වී ඇත්තේ කි‍්‍ර. ව. 78 දී පමණ බව පොත පතෙහි සඳහන් වේ. මෙම ශක වර්ෂ ක‍්‍රමය සකස් වී ඇත්තේ සූර්ය චක‍්‍රය අනුවය. ඒ අනුව අද අප සමරන සිංහල – හින්දු අලුත් අවුරුද්ද සකස් වී ඇත්තේ මෙසේ ලැබුණු ශක වර්ෂ ක‍්‍රමය අනුවය.මෙය දකුණු ඉන්දියානු චාරිත‍්‍රයකින් ලංකාවට ලැබී ඇති අතර, සිංහල – ද්‍රවිඩ අලුත් අවුරුද්ද කියා ද එය හඳුන්වයි.

ලේඛනගත සත්‍යය මෙසේ වුවද විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු සමාජ විද්‍යාඥයින් ද උගතුන් ද කෙස් පැළෙන තර්ක මගින් පෙන්වා දෙන්නේ දකුණු ඉන්දියානු ආභාසයෙන් සිංහල අවුරුද්ද උපන් බවය. එහි ඇති ප්‍රතිලාභ දන්නේ ඔවුන් පමණි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද (Sinhalese and Hindu New Year)
සිංහලයින්ගේ වෙසක් මාසයේ පළමුවැනි කාර්තුවේ දිනය(First Quarter day of the Sinhalese month of wesak)
වෙසක් පසළොස්වක වෙනුවට නිවාඩුව දී තිබුණේ වෙසක් පුර අටවන දිනය සඳහාය. මේ අනුව ඉංගිලිසි හා සිංහල පුවත්පත් ප්‍රවෘත්තිය ජනතාව අතරට යැවීය. වෙසක් නිවාඩුව පසළොස්වක දිනය ලෙසට පසුව නිවැරදි කළ ද හින්දු අලුත් අවුරුද්ද තවත් දියුණු වී ඉන්පසු දෙමළ අවුරුද්ද බවට ද පත් විය. හින්දූන් අනිවාර්යයෙන්ම දෙමළ වීම ඊට හේතුවයි.

හින්දු ඇදහිල්ලට හා හින්දු ඉගැන්වීමට අනුව බ්‍රහ්ම ලෝකයේ එක් දවසක් මනුෂ්‍ය ලෝකයේ එක් අවුරුද්දකි. එබැවින් දවස් දෙකට බෙදෙන්නා සේ අවුරුද්දත් දවාල හා රාත්‍රිය ලෙස දෙකට බෙදේ. ජනවාරි 14 දා යෙදෙන තෛ‍පොන්ගල් සිට නොවැම්බර් 1 හෝ 2 යෙදෙන දීපවාලී දක්වා කාලය දවාලයි. දීපවාලි සිට නැවත තෛ‍පොන්ගල් දක්වා කාලය රාත්‍රියයි. දීපවාලීවලට දීපයන් දල්වන්නේ රාත්‍රිය එළැඹි නිසා ය.

හින්දු ශිෂ්ටාචාරය හා හින්දු සංස්කෘතිය උපන් උතුරු ඉන්දියාවේ මේ නිසා අලුත් අවුරුද්දක් නැත. එසේ වුවද වසන්ත උත්සව ඇරඹීම අප්‍රේල් 14 ඇරඹේ. අප්‍රේල් 14 දා ඉන්දියාවේ හින්දූන්ට නිවාඩු දිනයක් නුවුවද ගැසට් නිවේදනයක වරද නිසා ලංකාවේ හින්දූන්ට එය නිවාඩු දිනයකි.

අප රටේ සිංහල – හින්දු අලුත් අවුරුද්ද උත්සවශ‍්‍රීයෙන් සමරා ඇත්තේ මහනුවර යුගයේ දී ය. පැරණි පොත පතට අනුව එකල දෙවන භාගයේ දී පමණ මෙරට දක්ෂිණ භාරතීය හින්දු සිරිත් විරිත් තදින්ම පැවතී ඇත. ඒ අනුව රජවාසල තොරණ ආදියෙන් සරසා උත්සවශ‍්‍රීයෙන් බැබළ වූ අයුරු පැරණි වාර්තා වලින් හෙළි වේ.

වෙළෙඳුන් තම වත්කම් වලින් රජ වාසලට යම් කොටසක් ගෙවූ අයුරුත්, වෙනත් ප‍්‍රභූන් තුටු පඬුරු රැගෙන මහවාසලට රොක් වූ අයුරුත් විස්තර වේ.මෙම උත්සවයේ වැඩි රාජකාරියක් ඉටු කොට ඇත්තේරාජකීය ගණිතයා හෙවත් නැකැත් රාළ යි. එකල කාලය මැනීම සඳහා භාවිතා කළ උපකරණ පෑතැටිය යි ඉන් කාලය මැන අවුරුදු සංක‍්‍රාන්ති කාලය නියම කරනු ලබන්නේ එකී නැකත් රාළයි. මීට අමතරව නැකත් වට්ටෝරු පිළියෙල කිරීම අවුරුදු ලබන නැකත දැක්වීම, නානු මුර මංගල්ලය සඳහා වේලාව දැක්වීම. අනුභවය සඳහා වේලාව දැක්වීම, වැඩ ඇල්ලීම සඳහා වේලාව දැක්වීම සහ ඉහත සාදන ලද නැකත් රජුට පෙන්වීමට වේලාව නියම කිරීම ආදිය ඔහුගේ රාජකාරි අතර වේ. තවද රාජකීය වෙදැදුරා විසින් තෙල් සාදා නාථ දේවාලයේ තබා අනෙකුත් පන්සල්වලට බෙදා හැරිම සිදු කරයි.

අවුරුදු ලැබූ බව සැලවන්නේ මහනුවර නාථ දේවාලයේ හේවිසි වැයීමෙනි. මෙම සියලුම චාරිත‍්‍ර රජතුමා සහ ඇමති මණ්ඩලය රජමැදුරේ දී ඉටු කරයි. පළමු නැකතේ රජු ඇමතිවරු පිරිවරා සිංහාසනාරූඪ වන අතර දෙවැනි නැකතේදී රජුට හිසතෙල් ගා ආශිර්වාද කරයි.රජු සහ ඇමතිවරු මෙසේ රජ මාලිගයේ චාරිත‍්‍ර ඉටු කරද්දී රට වැසියෝ ද අවුරුදු චාරිත‍්‍ර ඉටු කොට අනතුරුව කා – බී ප‍්‍රීති වූහ. ආගමික වතාවත් ද ඉටු කරමින් තමන් දුක් මහන්සියෙන් උපයා ගත් භව භෝග රැක දෙන මෙන් හිරු දෙවියන්ගෙන් ඉල්ලමින් ඔවුහු එකල අවුරුදු සැමරූහ.

ඉතිහාසය කෙසේ වුවත් මේ වන විට සිංහල ප්‍රජාව සතියක් පුරාවට සිංහල අළුත් අවුරුද්ද සමරද්දී දෙමළ-හින්දු ප්‍රජාව එක දිනයකදී එනම් අප්‍රේල් 14 දා උදෙන්ම නැගිට කෝවිලට ගොස් හිසට හා පයට කොළ ද තෙල් හා නානු ද රැගෙන අවුත් ඒවා ගා ස්නානය කර නැකතට ගිනි මොළවා කිරිබත් උයති. අනතුරුව වැඩිහිටියන් හා බාලයන් එකිනෙකා අතර මුදල් ගනුදෙනු කර නැකතත් නැතිවම කිරිබත් අනුභව කරති. මූලික උත්සව ඉන් අවසන්ය. සවස් වරුවේ කැවිලි ද රැගෙන ගමේ නෑදෑ ගෙවල්වලට යති. අවුරුදු ක්‍රීඩා ඔවුනට නැත. එය තනි දවසක උත්සවයකි.

අවුරුදු සැමරීම යනු නැකතට සැමරීමය. අද කාලේ විදියට වෙනදා මෙන් කැවිලි තබා අවුරුදු සමරන්න නොහැකි ආර්ථිකයක් ඇත. නමුත් තියෙන විදියට ලිපි ගිනි මොලවා වැඩ අල්ලා තියන දෙයක් කා අනුභව කර චාරිත්‍ර ඉටු කිරීම කල හැකිය.

 

AS.

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: