ශ්‍රී ලාංකික නීතිවිරෝධී සංක්‍රමණිකයින් පිරිසක් තුර්කියේදී අත්අඩංගුවට

ශ්‍රී ලාංකිකයින් ඇතුළු නීතිවිරෝධී සංක්‍රමනිකයින් 558 දෙනෙකු තුර්කි දේශසීමාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ නීතිවිරෝධීව යුරෝපයට ඇතුළුවීමට  උත්සහ ගැනීමේදී පසුගිය සිකුරාදා  මොවුන් අත්අඩංගුවට පත්ව ඇති බවයි.

පකිස්තාන, ශ්‍රී  ලංකා, බංග්ලාදේශ. මොරොක්කෝ, ටියුනීසියා,  ඉරාන, ඉරාක, පලස්තීන, ඊජිප්තු, සිරියා හා ඇෆ්ගන් ජාතිකයින් අත්අඩංගුවට පත් පිරිසට අයත් වෙති.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භයේ සිටම නීතිවිරෝධී සංක්‍රමණිකයින් යුරෝපයට ඇතුළු වීමට යොදාගත් ප්‍රධාන මාර්ගයක් ලෙස තුර්කිය භාවිත කරති.

2018 වසරේදී පමනක් එලෙස යුරෝපයට ඇතුළු වීමට උත්සහගත් පුද්ගලයින් දෙලක්ෂ හැට අට දහසක් තුර්කියේ දී රඳවාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here