Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

වංචා දුෂණ කොමිසමට වංචාකාරයෙක් : ජාතික මහජන සභාවේ

යහපාලන ආණ්ඩුවේ 2015 සිට 2018 කාලය දක්වා වංචා දූෂණ සෙවීම සඳහා පත්කර ඇති කමිටුවේ සභාපතිවරයා විශ්වාසනීය පුද්ගලයෙකුද යන කාරණය මතුවන බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පැවසීය.

එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර ඇති විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර තිබෙන උපාලි අබේරත්න මහතා සම්බන්ධයෙන් මාධ්‍ය ඔස්සේම වාර්තා පළවී තිබූ බවයි ඔහු අවධාරණය කළේ.

උපාලි අබේරත්න යනු සරත් N සිල්වා මහතාගේ ඉතා සමීප හිතවතෙකු වන අතර සරත් N සිල්වා මහතාගේ පෞද්ගලික නඩු වලදී පවා ඔහුට සමීපව වැඩකර ඇති අන්දම පැහැදිලි වන බව චමීර පෙරේරා මහතා කියාසිටියේය.

කෙසේ හෝ වංචාවන් සෙවීමට පත්කර ඇති කොමිසමට වංචාකාරයෙක් පත්කර ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: