ජවිපෙ අපේක්ෂකයා වි.වි. ආචාර්යවරයෙක්

20 වන සංශෝධනය සම්මත කර ජනාධිපති ධුරය අහෝසි කර ගැනීමට නොහැකි වුවහොත් ජනතා විමුක්ති පෙරමුණ විසින්ද ඉදිරි ජනාධිපතිවරණය සදහා අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

දැනට එම පක්‍ෂයේ සාකච්චාව වී ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යරයෙක් තම අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමටයි.

මේ පිලිබදව දැනටමත් සාකච්චා වට කිහිපයක් පවත්වා ඇතත් අවසන් තීන්දුවක් ගෙන නොමැති බවත් ජනාධිපතිවරණයට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා හෝ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ඉදිරිපත් නොවනු ඇතැයිද ජවිපෙන් පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here