ජනපති නව වසරේ වැඩ අල්ලයි

තරුණ රැඳවියන් පුනරුත්ථාපනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ සොයා බැලීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

තම ජීවිත කතාව සහ තමන් අතින් සිදු වූ වැරදි පිළිබඳ මෙහිදී තරුණයන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයා සමඟ තොරතුරු පැවසූ අතර එම හඬට ජනාධිපතිවරයා සාවධානව ඇහුම්කන් දෙනු ලැබීය.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මධ්‍යස්ථානයේ සුභසාධන කටයුතු සහ සෙසු පහසුකම් පිළිබඳව ද සොයා බැලූ අතර, පුනරුත්ථාපනය ලබන සියලු තරුණයන් වෙත උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිය සුභපැතුම් පිළිගැන්වීමට ද අමතක නොකළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (13) පස්වරුවේ මීගමුව, දළුපොත තරුණ රැඳවියන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here