අවුරුදු සමයේ අහාර වැටලීම් සහ සුරාබදු මෙහෙයුම් තව දුරටත්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුරාබදු වැටලීම් දැඩි කර තිබේ. එමෙන්ම උත්සව සමයට සමගාමීව වෙළඳසැල් පරීක්ෂා කිරීමේ කටයුතු තවදුරටත් සිදු කෙරේ.

අද 14 දිනයේදීත් දිවයින පුරා සුරාසැල් වසා තබන ලෙසයි දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ දක්වා දිවයින පුරා සිදු කළ වෙළඳසැල් පරික්ෂාවලදී ආහාර පනත යටතේ පුද්ගලයින් 2,821 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේ. මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් රස කැවිලි නිෂ්පාදනනය කළ ආයතන 21කට එහිදී මුද්‍රා තබා තිබෙනවා. මීට අමතර තවත් ආයතන 616කට එරෙහිව නිවේදන නිකුත් කර ඇත.

එමෙන්ම සුරාසැල් වසා තැබෙන කාලය තුළ නීති විරෝධි ලෙස මත්පැන් බෙදාහැරිම සහ අලෙවි කිරීමේ නිරත වන සුරාබදු බලපත්‍රධාරින්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගන්නා බවයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. එවැනි වැටලීම් සඳහා දිවයිනම ආවරණය වන පරිදි සුරාබදු නිලධාරින් 1200 දෙනෙකු පමණ සේවයටඅනුයුක්ත කර තිබේ.

නීති විරෝධි මත්පැන් හා නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය, සන්තකයේ තබා ගැනිම හා ජාවාරම් කිරිම මෙන්ම නීති උල්ලංඝණය කරන්නන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මෙම සුරාබදු නිලධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here