Thu. Jun 20th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අගමැති ජනපති සුහදයි. විපක්ෂය කුහකකම් නැති කර ආණ්ඩුවට සහය දෙන්නැයි මන්ත්‍රී විජේපාල ඉල්ලයි

උදාවන අලුත් අවුරුද්දේදී හෝ වෛරී දේශපාලනයෙන් ඈත්ව රට ගොඩ නැගීම සදහා රජයට සහාය දක්වන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි විපක්‍ෂයෙන් ඉල්ලීමක් කරයි.

එමෙන්ම මේ ආණ්ඩුව මොනා කලත් විපක්ෂයට එය වැරදියට පෙනෙන බවත් ලැබුවාවූ මේ අළුත් අවුරුද්දෙදිවත් කුහක කම නැති කර ගෙන ඉදිරියට යා යුතු බවත් ඔහු පේනවා දෙයි.

මේ වන විට අගමැති ජනපති සුහදව කටයුතු කරන බවත් ඒවා කඩාකප්පල් නොකරන ලෙසටද පවසන ඔහු ඉදිරියේදී ආණ්ඩුව ජනතාවට සහන රැසක් සලස්වන්න කටයුතු කරන බවද වැඩි දුරටත් පැවසුවේය.

ගෝඨාභය බැසිල් චමල් මෙන්ම මහින්ද සිටියදීත් 2015 එජාපය ජයග්‍රහණය කල අයුරු පෙන්වා දෙන මන්ත්‍රීවරයා ඉදිරි මැතිවරණයට පොදු අපේක්ෂකයු හෝ කවුරුන් ඉදිරිපත් කලත් ජයග්‍රහණය කරන බව සදහන් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: