ශ්‍රී ලාංකික ත්‍රස්ත සැකකරුවන් සිව්දෙනෙක් ලන්ඩන්හිදි අත්අඩංගුවට

තහනම් ත්‍රස්ත සංවිධානයකට අයත් ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු එංගලන්තයේ ලන්ඩන් නුවරදී එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කලේ ත්‍රස්තවාදී පනත යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි.

ජාත්‍යන්තර ගුවන්යානයක සිටියදී මොවුන් සිව් දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ලන්ඩන්හි ලූටන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේදීයි.

සැකකරුවන් බෙඩ්ෆෝර්ඩ්ෂයර් හි පොලිස් ස්ථානයකට භාර දී ඇති අතර වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here