වදහිංසනය වැලැක්වීමේ එක්සත් ජාතීන්ගේ අනුකමිටුවේ ශ්‍රී ලංකා සංචාරය අවසන්

වදහිංසා වැලැක්වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ  අනුකමිටුවේ නියෝජිතයින්  මෙරට කළ පළමු සංචාරය සාර්ථකව අවසන් කළේය

සිව් දෙනෙකුගෙන් සමන්විත එම නියෝජිත පිරිස මෙරට නිදහස අහිමි ව සිටි ජනතාවගේ තත්ත්වය හා ඔවුන් වදහිංසාවෙන් හා අනිසි සැලකීමෙන් වලක්වා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව සංචාරය තුළදී නිරීක්ෂණය කළහ.

සංචාරයෙන් අනතුරුව ඔවුන් ප්‍රකාශ කලේ තම කාර්යභාරය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් ඉතා ඉහල සහයෝගයක් හිමි වූ බවයි.

පුද්ගලයින් රඳවා තබා ගන්නා ස්ථාන වෙත යාම හා මේ සඳහා අවශ්‍ය තොරතුරු හා මතභේදාත්මක විය හැකි සම්මුඛ සාකච්ඡා සාර්ථකව සිදු කිරීමට අවස්ථාව සැලසුනු බවද ඔවුන් ප්‍රකාශ කළේය.

අනුකමිටු ප්‍රධානී වික්ටර් සහරියා ප්‍රකාශ කළේ මීට අදාලව වදහිංසාව වැලැක්වීමේ ජාතක යාන්ත්‍රණයක් ගොඩනැංවීමට ශ්‍රී ලංකාව සතු අපේක්ෂාව  ධනාත්මකව ලෙස තමන් දකින බවයි.‍

මෙම සංචාරයේදී මෙරට පොලිස් ස්ථාන, බන්ධනාගාර, රිමාන්ඩ් බන්ධනාගාර, පුණරුත්ථාපන මධ්‍යස්ථාන, ආදිය අනුකමිටුවේ නිරීක්ෂණයට ලක්විය.

එමෙන්ම රජයේ නියෝජිතයින්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හා සිවිල් සංවිධාන නියෝජිතයින් හමුවී සාකච්ඡා කිරීමටද කටයුතු කළේය

වදහිංසාව වැලැක්වීම පිලිබඳ එක්සත් ජාතීන්ගේ අනුකමිටුවේ මීලඟ පියවර ලෙස මෙම සංචාරය මගින් රැස්කළ සිය නිරීක්ෂණ හා නිර්දේශ ඇතුලත් රහස්‍ය වාර්තාවක් ශ්‍රි ලංකා රජයට ලබාදීමට නියමිත අතර එය ප්‍රසිද්ධ කරන ලෙස ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමටද කමිටුව අපේක්ෂා කරයි.

මෝල්ඩෝවා, මුරුසි, සයිප්‍රස් හා පිලිපීනය නියෝජනය කරන සාමාජිකයින් සිව් දෙනෙකු මෙම අනුකමිටුවට අයත්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here