ගෝඨා එන එකෙන් අපිට දිනන්න ලෙසයි: දොස්තර රාජිත

ප්‍රතිවාදී පිළේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වනු දැකීම තමන්ගේත් බලාපොරොත්තුව බව දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු ඉදිරිපත් වන්නේ නම් තම අපේක්ෂකයාට ඉතාම පහසුවෙන් ජයග්‍රහණය කිරීමට හැකි බවත් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් පවසයි.

අමාත්‍යවරයාගේ අදහස් මෙසේයි.

“මොකද උතුරු නැගෙනහිර හතර මායිමකවත් ඒවයෙ පළාතකවත් එයාට ඡන්දයක් හම්බවෙන්නෙ නෑ. එයා සීයට බිංදුවකින් පටං ගන්නකොට අපි සීයට තිහකින් පටං ගන්නේ මැතිවරණය. ගම්සභාවකවත් මන්ත්‍රීකමක් දරපු නැති මනුස්සයාව මේ විදියට එව්වොත් ආපහු කතා කරන්න ඉතිරි වෙන එකක් නෑ”.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here