Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අළුත් අවුරුද්දේ ජනපතිගෙන් මෙරට දේශපාලනය උඩුයටිකුරු කෙරෙන ප්‍රකාශයක්

හෙට දිනයේ උදාවන අලුත් අවුරුද්දෙන් පසුව මෙරට දේශපාලනය උඩු යටිකුරු වන හෙළිදරව් කිහිපයක් සිදුකිරීමට ඉඩ තිබෙන බව ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම ආන්දෝලනාත්මක හෙලිකිරීම් සහිත විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් එමගින් වර්තමාන ආණ්ඩුවට ඉතා තීරණාත්මක බලපෑමක් සිදු වනු ඇති බවටත් වාර්තා වෙයි.

මෙම පරීක්ෂණය මේ වනවිට අවසාන මට්ටමට පැමිණ ඇති අතර ප්‍රබල දේශපාලඥයකු මෙම ඝාතන කුමන්ත්‍රණය සමඟ ඍජුව සම්බන්ධ වී ඇති බවටද තොරතුරු වාර්තා වන අතර මීට අමතරව මහබැංකු බැඳුම්කර වංචාවෙන් ප්‍රධාන චූදිතයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ගැනද විශේෂ පුවතක් මෙම නිවාඩුවෙන් පසුව හෙළි වනු ඇතැයිද වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: