අළුත් අවුරුද්දට අනුර කැනඩාවට

ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා පක්ෂ කමිටුවේ ආරාධනයකට අනුව ජවිපෙ නායක අනුර දිසානායක සම්මන්ත්‍රණ, දේශපාලන සාකච්ඡා හා විද්වත් හමු මාලාවකට සහභාගි වීම සඳහා කැනඩාවට පිටත්වී ඇත.

එම සම්මන්ත්‍රණ මාලාවේ පළමු ප්‍රධාන සම්මන්ත්‍රණය හෙට අප්‍රේල් 14 දින කැනඩා වේලාවෙන් පස්වරු 2.00ට ටොරෙන්ටෝ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ ජවිපෙ නායකයා ඔටාවා, මොන්ටී්‍රල්, කල්ගරි ඇතුළු ප්‍රධාන නගර කිහිපයකදී සම්මන්ත්‍රණ, ජනහමු සහ සාකච්ඡා සඳහා සහභාගිවීමට නියමිතය. කැනඩාවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් මෙම කටයුතු සිදුකිරීමට ජවිපෙ කැනඩා කමිටුව කටයුතු සංවිධානය කොට තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here