අගමැතිට ජනපතිට මැතිවරණය පවත්වන්න වුවමනාවක් නැහැ: පැෆරල්

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා දේශපාලන වේදිකාවල නොයෙකුත් දෑ ප්‍රකාශ කළත් ඔවුන් දෙදෙනාටම පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ වුවමනාවක් ඇතැයි පෙනෙන්නට නොමැති බව පැෆරල් සංවිධානය පවසයි.

කෙසේවෙතත් මේ මැතිවරණය ඉල්ලා අධිකරණය හමුවට යාමට හැකියාව ඇතත් එය ද දීර්ඝ කාලයක් ගතවන ක්‍රියාමාර්ගයක් වනු ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

එසේම, මැතිවරණ කල් දැමීම යනු ප්‍රජාතන්ත්‍ර විරෝධි, ජනතා විරෝධී ක්‍රියාවක් බවයි ඒ මහතා අවධාරණය කළේ.

මේ වනවිට පළාත් සභා 9න් 7ක්ම පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ බව පෙන්වා දුන් ඒ මහතා ලබන 20 වනදා වනවිට බස්නාහිර පළාත් සභාවත් ආණ්ඩුකාර පාලනයට යටත්වන බවත් සිහිපත් කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here