Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

GL ගේ කථා SLFP SLPP සංධානයට බාධාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයන් අතර සන්ධානයක් ගොඩනැඟීමේ සාකච්ඡාවල සාර්ථකභාවයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ජී. එල්. පීරිස් මහතා විසින් පසුගියදා කළ ප්‍රකාශය බාධාවක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන දිනය 2020 ජුනි 21 වනදා බවට මතයක් පවතින බවටත් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසිය යුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා කර තිබුණු ප්‍රකාශයක් සම්බන්ධයෙන් විවේචනාත්මක ප්‍රකාශයක් කළ ජී. එල්. පීරිස් මහතා දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශය නිසා දැඩි සැකයක් උපදින බව ද පසුගියදා කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා පැවසුවේ එම ප්‍රකාශය සන්ධාන සාකච්ඡාවලට සම්පූර්ණ බාධාවක් ලෙස තමන් දකිනා නමුත් ඒවා ඉවසාගෙන කටයුතු කරන බවයි. ජී. එල්. පීරිස් මහතාට අද දේශපාලන ක්ෂේත්‍රය තුළ මන්ත්‍රී ධුරයක් නොමැති නිසා විවිධ දේවල් පැවසිය හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා එය පසෙකින් තබා සාකච්ඡා ඉදිරියට ගෙන යන බවයි සඳහන් කළේ.

එසේම මෙම පාර්ශ්ව දෙක එක් වුණොත් පමණක් ජයග්‍රහණය කළ හැකි බවත් වෙන් වුණොත් අනිවාර්යයෙන්ම පරාජය වන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. කෙසේවෙතත් සන්ධාන සාකච්ඡා අසාර්ථක වී නොමැති බවත් එය ඉදිරියටත් ක්‍රියාත්මක බවත් මහින්ද අමරවීර මහතා පැවසීය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: