Mon. Jun 24th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

13 වසරක අඛණ්ඩ පාසල් අධ්‍යාපනය සපුරන්නන්ට NVQ සහතිකයක්

පාසල් තුල දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය අවසන් කරන සිසුන්ට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සහතිකයට අමතරව ජාත්‍යන්තරව පිළිගන්නා NVQ සහතිකයක්ද පිරිනමන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

පාසල් අධ්‍යාපනයෙන් පසු ශිෂ්‍යයින් මෙම අධ්‍යාපන සහතික හිමිකරුවකු වන නිසා රැකියා අපේක්ෂා කිරීමේ දී කිසිදු අඩුපාඩුවක් නොවන බව ද අමාත්‍යවරයා කියා සිටියි.

කොළඔ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: