Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

මෛත්‍රීගේ ධුර කාලයෙන් අපිට වැඩක් නැහැ: දයාසිරි SB ගැටුමක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ කවදාද යන්න පිළිබඳ ප්‍රශ්නයෙන් තමන්ට සත පහක වැඩක් නොමැති බව ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පවසයි.

එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාට වැදගත් වුවත් තමන්ට නම් එහි කිසිදු වැදගත්කමක් නොමැති බවයි මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

එස්. බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජුනි 21 වනදාට බවට පසුගියදා දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු මෙලෙස අදහස් දැක්විය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපති ධුර කාලය ඕනෑම දවසක අවසන් වූදෙන් යැයි පැවසූ මන්ත්‍රීවරයා තමන්ට ඊට වඩා අවශ්‍ය වී ඇත්තේ පළාත් සභා මැතිවරණය පවත්වා ගැනීම බවයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: