Tue. Jun 18th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

නිලධාරීන් කිහිප දෙනෙක් සමග මධුෂ් ලංකාවට

මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන එන ගුවන් යානයෙන් ඩුබායි පොලිස්‌ නිලධාරීන් සිව්දෙනකු ද පැමිණීමට නියමිතව ඇතැයි පැවසේ.

මධුෂ් සහ ගායක අමල් පෙරේරා ද මෙදින ඩුබායි සිට රැගෙන එන අතර එහිදී ඔවුන්ගෙන් ලබාගත් කටඋත්තර සියල්ලම ඩුබායි පොලිසිය මගින් ආරක්‍ෂක අමාත්‍යාංශයට භාරදීමට ක්‍රියා කරනු ඇතැයි මෙම ආරංචි මාර්ග වල වැඩි දුරටත් සදහන් වේ.

ශ්‍රී ලංකා රජයේ ආරක්‍ෂක අමාත්‍යාංශය ඩුබායි රජයෙන් කරන ලද ඉල්ලීමක්‌ අනුව මාකඳුරේ මධුෂ් සහ අමල් පෙරේරා මෙසේ කටුනායකට රැගෙන එනු ඇතැයි පැවසේ. මොවුන් කටුනායකට රැගෙන එන අවස්‌ථාවේ පොලිස්‌ විශේෂ කාර්ය බළකාය ඇතුළු විශේෂ පොලිස්‌ ආරක්‍ෂාවක්‌ යෙදවීමටද පියවර ගෙන ඇත.

 

AS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: