ගෝඨා අද තීරණාත්මක නිවේදනයක් සිදු කිරීමට සුදානම්

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ කටයුනායක ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ දින කිහිපයක පුද්ගලික සංචාරයකින් පසුවය.

ඇමරිකාවේ ගතකල කාලය තුලදී ඒ මහතාට විරුද්දව සිවිල් නඩු දෙකක් පවරන ලද අතර ඇමරිකාවෙන් පිටවීමට නොදී එහිම රදවාගන්නා ලෙස එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්ද කර තිබින. නමුත් එම ඉල්ලීම ඇමරිකා බලධාරීන් විසින් ප‍්‍රතික්‍ෂෙප කර තිබින.

ගෝටාභය රාජපක්‍ෂ මහතා පිලිගැනීම සදහා විශාල පිරිසක් අද දිනයේ කටුනායක ගුවන් තොටුපලට එක්වනු ඇති බවත් රථ පෙලපාලියකින් ඔහු කොළඹ දක්වා කැදවාගෙන එනු ඇති බවද කියවේ. එමෙන්ම කටුනායක ගුවන් තොටුපල ආරක්‍ෂාව දැඩි කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි. එමෙන්ම ඔහු අද තීරණාත්මක නිවේදනයක් ද ලබා දීමට සුදානම් බව පොදුජන පෙරමුණ ආරංචි මාර්ග සදහන් කරයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජූන මාසයේ නම් ඉන් පසු පැවැත්වෙන ජනාධිපතිවරණය සදහා මහින්ද රාජපක්‍ෂ හා චන්ද‍්‍රිකා බණ්ඩාරනායක යන හිටපු ජනාධිපතිවරුන්ටද ඒ සදහා තරග වැදිය හැකි බව ඉහලම පෙලේ නීතිවේදීන් පිරිසක් විසින් මත පල කර ඇති බව පැවසේ.

ඔවුන් පෙන්වා දෙන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබූ දින සිට වසර පහක් ජනාධිපති ධුරය ගණන් බලන්නේ නම් එමගින් එය පැවති ජනාධිපති ධුරය නොව වෙනත් ජනාධිපති ධුරයක් යයි අර්ථ ගැන්වෙන බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව එම නව ධුරය සදහා 19 වන සංශෝධනය යටතේම පෙර සිටි ජනාධිපතිවරුන්ටද තරග වැදිය හැකි බව ඔවුනගේ මතයය.

කෙසේ වෙතත් 19 සංශෝධණයට කතානායකවරයා අත්සන් තබන ලද්දේ 2019 ජනවාරියේ නම් වත්මන් ජනාධිපතිවරයා 2024 ජනවාරි තෙක් ධුරයේ සිටිය හැකි යයිද කෙනෙකුට තර්ක කිරීමේ අයිතියක් ඇති බවද එම පිරිස පෙන්වා දෙයි.

 

AS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here