ගතවු පැය 24 තුළ බීමත් රියදුරන් 245 ක් අත්අඩංගුවට

 

ගතවු පැය 24 තුළ බීමත් රියදුරන් 245 කු අත් අඩංගුවට ගෙන තිබේ

උත්සව සමයේ බීමත් රියදුරන් අත් අඩංගුවට ගැනීමට දිවයින පුරාම පොලීසිය විසින් විශේෂ වැටලීම්  සිදු කරනු ලබයි.

ඒ අනුව ඊයේ (11)උදෑසන 6 සිට අද ( 12)උදෑසන  6 දක්වා පැය විසි හතරක කාලය තුළ  පොලීසිය කළ වැටලීම් වලින්  බීමත් රියදුරන්  245 කු අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

එසේම රථවාහන නඩු 10170ක් ලබාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here