එජාපයේ කොටසක් නාමල් සමග සාකච්චා

මෙරට ජනතාව ලබන අවුරුද්ද සමරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවක් යටතේ බව තමන් වගකීමෙන් කියන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එසේම, ජනතාව තවත් පිඩනයට ලක් නොකර පළාත් පාලන මැතිවරණය සහ ජනාධිපතිවරණය කල් දැමීමට උත්සාහ නොකර කරුණාකර මැතිවරණ පවත්වන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා වැඩි දුරටත් පවසයි.

අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව පොහොට්ටුවේ ආණ්ඩුවක් සහ පොහොට්ටුවේ ජනාධිපතිවරයකු පත් කරගන්නා බව පැවසූ මන්ත්‍රීවරයා එය සිදු කරන්නේ පුළුල් සන්ධානයකින් බවත් උතුරු නැගෙනහිර යා කිරීමට, සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් සියලුම ජනකොටස් එක් කිරීමට සහ සියලුම දේශපාලන පක්ෂ එක් කිරීමට හැකි පුළුල් සන්ධානයකින් තමන් ආණ්ඩුවක් පිහිටුවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ කොටසක් සමඟ ද තමන් සාකච්ඡා පවත්වන බවත්සදහන් කරමිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here