Thu. Jun 27th, 2019

Colombo Gazette – Sinhala

News, views and more

අවුරුදු සමයේ සියලු දෙනාගේ අවධානයට

මේ ඇරඹෙන්නේ ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ සතුටුදායකම සති අන්තයයි.සිංහල හා දෙමල අලුත් අවුරුද්දේ සතුට භුක්ති විඳින අතරතුර තමාගේ සහ අන්‍යන්ගේ ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරිම සියලු දෙනාගේ වගකීමයි.

ඒ වෙනුවෙන් මෙම ඔවදන ජාතික රෝහලේ ජාතික පුහුණු සම්බන්ධිකාර හෙද නිලධාරිනි පුෂ්පා රම්‍යානි ද සොයිසා මෙනවියගෙන්.

 

එළඹෙන සති අන්තය රටේ වැඩිදෙනා සැහැල්ලුවෙන් සහ විනෝදයෙන් ගත කළත් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ ඉන්න ඔබලාට කාර්ය බහුල වේවි නේද?

ඔව් ,මේ සති අන්තයේ විතරක් නෙමෙයි මාසය පුරාවටම අපිට මහාමාර්ග අනතුරු ,ක්‍රීඩා අනතුරු, හිංසන ක්‍රියා නිවසේ සිදුවන අනතුරු වැඩි වශයෙන් වාර්තා වෙනවා.මේ අනතුරුවලින් 85 % ම සිදුවන්නේ පුද්ගල හේතු මත විනය නිති ගරු කරනවානම් ,මහ පාරේ රථ ධාවනයේදි ආසන පටි පළඳිනවානම්,ඒ වගේම මාර්ග සංඥා අනුගමනය කරනවනම් මේ අනතුරු පාලනය කිරිමය හැකියාව පවතිනවා ඒ වගේම මත් වතුර පානය කිරිමේදි විශේෂයෙන් සැලකිල්ලක් දැක්විය යුතුයි.එසේම දැනුවත් කිරිම් මත ගිලි කෙළි අනතුරු අවම වෙලා තිබුණා වර්තමානය වන විට.ගිනි කෙළි අතේ තියාගෙන පත්තු කරන්න එපා.ඈත තියාගෙන ගිනි කෙලි පත්තු කිරිම වඩාත් සුදුසුයි.ඒ වගේම මහා ශබ්ද තියෙන  ගිනි කෙළි වලින් අනතුරු වැඩි වෙන්න පුළුවන් සතා සිව්පාවට මිනිසාට අනතුරක් නොවන විදිහට එය භාවිත කරන්න .ඒ වගේම ක්‍රීඩා අනතුරු ගැන සැලකිලිමත් වෙන්න.විශේෂයෙන් කොට්ටා පොර ගැසිමේදි ,කනා මුට්ටි ගැසිම,ලිස්සන ගහේ නැගීම යන අවධානම් තරඟ වලදි සැමදෙනාම සැකිලිමත් වන්න. අවුරුදු උත්සව සංවිධානය කරන අයද මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මේ කාලයේදි කුඩා ළමුන්ට සිදුවන අනතුරු වලක්වා ගන්නේ කොහොමද?

විශේෂයෙන් කුඩා ළමුන් නිවසේදි අනතුරට ලක්වෙන්න පුළුවන් එනම් පිලිස්සිම් ,කැපිම් ,කෙටිම් ,වැටිම් එවැනි අනතුරු .නිවසේ පරිසරය ආරක්ෂිත අයුරින් සකස් කර තිබිම පළමු කාරණය වනවා.එසේම දරුවන්ට අනතුරු හඳුනා ගැනිමට පුංචි කාලයේ සිටම කියලා දිම වැඩිහිටියන්ගේ යුතුකමක් .අපි හිතුවට පුංචි කාලයේ දරුවන්ට අනතුරු ගැන අවබෝධයක් ඇති කියලා එහෙම නැහැ .විශේෂයෙන් ඔන්චිල්ලා පැදීමේදි සැලකිලිමත් වෙන්න.තේරෙන දරුවෙකුට හැර කුඩා දරුවන්ට ඔන්චිල්ලා පැදීමට වැඩිහිටියකුගේ ආරක්ෂාව යටතේ ලබා දෙන්න මොකද ළමයාට ඔන්චිල්ලාව උඩ යනකොට ඒ වින්දනය පමණයි තියෙන්නේ නමුත් එය නැවත පහළට එනවිට දරුවාගේ බෙල්ලේ එය එතෙන්නට පූළුවන් එම නිසා මෙය වැඩිහිටියන්ගේ අධික්ෂනය යටතේ සිදු කිරිම වැදගත්.

විදුලි අනතුරුත් මේ කාලය තුළ සිදුවන්නට පුළුවන් නේද?

බොහෝ දෙනාට නිවස තුළ විදුලි උපකරණ භාවිතයෙන් පසු පුරුද්දක් නැහැ ඒවා යළි ඉවත් කරලා තියන්න.ඒවගේම නිවසේ ඇතැම් විදුලි පේනු කැඩිලා බිඳිලා ගිහින් එවැනි අවස්ථාවලදි කුඩා දරුවන් ඒවාට ඇඟිලි ගැසීමට යනවා එම නිසා ඒවාට ඇගිලි ගැසිමට නොදි ඒවා වසා තබන්න.දරුවන්ට විදුලි උපකරණ හසු නොවන තැන්වල තියන්න ඒ වගේම විදුලි කාන්දුවන උපකරණ තිබේ නම් ඒවා නිවසෙන් ඉවත් කිරිමට කටයුතු කරන්න එසේත් නැතිනම් එම උපකරණ අලුත් වැඩියා කරන්න කටයුතු කරන්න.එවිට නිවසේ සිදුවන විදුලි අනතුරුවලින් සැමදෙනාටම ආරක්ෂා විමට හැකි වනවා.

මේ උත්සව සමයේ බොහෝදෙනා විනෝද චාරික යනවා ඒවගේම දිය නෑමට යනවා, දියේ ගිලිමෙන්ද මේ කාලයේ අනතුරු වාර්තා වෙනවා නේද?

ඔව් පසුගිය වර්ෂයේ දියේ ගිලිමෙන් 1500 ක් පමණ මිය ගිය බවට වාර්තා වුනා.විශේෂයෙන් නොදන්නා ස්ථානවලින් දිය නාන්න යන්න එපා ඒවගේම මත්පැන් පානය කරලා දිය නාන්න යෑමෙන් විශාල ලෙස අනතුරු සිදුවනවා.ඒවගේම තමයි ෆිට් එක වැනි රෝග පවතීනම් ගැඹුරු දියේ දිය නෑමෙන් වලකින්න.ඒ වගේම හිංසන ක්‍රියා පිළිබඳව වාර්තා වනවා.දෙපාර්ශවයන් අතර සිදුවන ගැටුම් නිසා අනතුරු සිදුවන ප්‍රමාණය වැඩියි.මේ සැම දේටම හේතුව වන්නේ මත්පැන් පානය කිරිම.මේ අලුත් අවුරුද්දේ මත්පැන් පානයෙන් වැලකී සිටිමට හැකිනම් අලුත් අවුරුද්ද සතුටින් ගත කිරිමට හැකි වේවි.

වරුණි පෙරමුණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: